(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගම්පහ ප‍්‍රදේශයේ ගෙවල් බිදුම් පනහකට ආසන්න ප‍්‍රමාණයක් සිදුකර කලක් තිස්සේ දේපල සොරා ගැනීමේ යෙදුණු දිනකට රුපියල් 36000 ක් මත්කුඩු පානය කරන බව කියන යුවළක් එසේ සොරාගත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා දේපල සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ වදුල්ලවත්තේ යුවළකි. මෙම යුවළ තිහාරිය ප‍්‍රදේශයේ කුලී නිවසක නැවතී සිටිමින් ගෙවල් බිදීමේ නිරතව සිට ඇතැයි හෙළිවී ඇත.
දිනපතා පාරේ ඇවිදිමින් වසා ඇති නිවාස වලට ඇතුල්වී සොරා ගන්නා ලැප්ටොප් ටැබ් යන්ත‍්‍ර, ජංගම දුරකතන, පරිගණක, රන්බඩු, පිත්තල පහන් ආදි දේපල රැසක් ස්ථාන රැසකට උකස් කර තිබීයදී සොයාගෙන ඇති බවත් සැකකරුවන් පෙන්වා දුන් අන්දමට මෙවැනි සොරකම් සිදුවූ නිවාස 42 ක් හඳුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.
වැලිවේරිය, කඩවත, මහබාගේ කදාන, දොම්පේ, නිට්ටඹුව, ගම්පහ, කිරිබත්ගොඩ, කදාන, යක්කල, වීරගුල ඇතුලූ පොලිස් වසම් ගණනාවක මෙම යුවළ සොරකම් කර ඇති බව අනාරවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බියගම පොලිස් කොට්ටාශයට අයත් වෙළඳ කලාපයට නොදුරු ගමක පසුගිය දිනවල ගෙවල් බිඳීම් ගණනාවක් සිදු වුණා. හොරු සොයා ගන්න බැරි වෙලා. තියෙන්නේ කලාපයේ සේවයට පැමිණ සිටින පිටස්තර තරුණ පිරිස වැඩි නිසා කියල තමයි ගම්මුන් කියන්නේ. වැඩිය සොරකම් කරන්නේ බෝඩින් කාමරවල ඇති දේවල් සහ දහවලට වසා ඇති නිවාසවල උපකරණයි.