IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හෙයාපාර්ක් වත්තේ කම්කරුවෝ සටන දිනති

( මොහොමඩ් ආසික්)

මහනුවර හුන්නස්ගිරිය හෙයාපාර්ක් වත්තේ කම්කරුවන් මසකට දින 25 ක  වැඩ ඉල්ලා ගෙන ගිය සටන අද (23 වැනිදා) ජයග්‍රහණයෙන් අවසන් විය. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම මහතා සමඟ ලංකා රතු කොඩි සංගමය සහ කම්කරු නියෝජිතයින් ඇතුළු නියෝජිතයින් සමඟ අද 23 වනදා පැවැති සාකච්ඡාවකදී හෙයාපාර්ක් වත්තේ කම්කරුවන්ට  මසකට දින 25 ක් වැඩ ලබා දීමට සභාපතිවරයා එකඟ විය.

මහනුවර පන්විල පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ප්‍රාදේශිිය කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැති මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම මහතා මෙසේ කිය.

“මෙම සාකච්ඡාවේදී අපි තිරණය කළා හෙයාපාර්ක් කම්කරුවන්ට මසකට  දින 20-25 ත් අතර  වැඩ ලබා දෙන්න. වතු කම්කරුවන් කියන්නේ මේ රටේ ආර්ථිකයට සෘජුවම දායකත්වය සපයා දෙන පිරිසක් ඔවුන්ගේ මේ වගේ සාධාරණ ඉල්ලීම් ඉටු කර දීය යුතුයි. මසකට දින 5- 10 ක් වැඩ කරලා කොහොමද ඔවුන් තම දරු පවුල් නඩත්තු කරන්නේ. අපි ඒ ගැන හිතා බලන්න ඕන“ යයි මහානාම මහතා කීවේය.

රජයේ වතු පෞද්ගලිකරණය කිරීමක් සිදු වන්නේ නෑ. හෙයාපාර්ක් වත්තේ අක්කර 1900 ක් තියෙනවා. එයින් තේ වගා කරලා තියෙන්නේ අක්කර 800 ක පමණයි ඉතිරි අක්කර 1100 ම මුඩු බිම් මේ මුඩු බිම් පුද්ගලික අංශ එක්ක එකතු වෙලා සංවර්ධනය කරන්නයි අගමැතිතුමා උපදෙස් දීලා තියෙන්නේ. හෙයාපාර්ක් වත්තේ කම්කරුවන්ට දින 25 ක වැඩ එම වත්තේම ලබා දීමට නොහැකි වුවහොත්වෙනත් වතුවලින් හෝ ඒ අවස්ථාව ලබා දීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා කීය.



අදහස් (0)

හෙයාපාර්ක් වත්තේ කම්කරුවෝ සටන දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31361 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13578 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11011 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 991 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site