(ක.ග. කරුණාරත්න)
රජරට ජනතාවගේ ජල හිඟයට විසඳුම් ලැබෙන බව කී මොරගහකන්ද ජලාශය ඉදි කිරීමේ සිහිනය සැබෑවී ඇතත් ඇලහැර ගොවි ජනතාවගේ ජල ප්‍රශ්නය මේ වන උග්‍ර වී ඇතැයි ඇලහැර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ආනන්ද එදිරිසුරිය මහතා පවසයි.
“මොරගහකන්ද ඉදිකරන විට අප සිතුවේ එය ඇලහැරට ආශිර්වාදයක් වෙයි කියලා. නමුත් දැන් ඇලහැර අමුණේ සිට යෝධ ඇලේ වතුර බින්දුවක් එන්නේ නෑ. අපේ කුඹුරු වේලිලා. දැනට අක්කර අඩි 130 000ක් පමණ වතුර තියෙන මොරගහකන්ද ජලාශයෙන් අපිට වතුර මුර දෙකක් ලබා දෙන්න.“
“ඇලහැර වගාවන් වතුර නැතිව විනාශ වෙමින් තියෙනවා. බීමට ජලය ගන්නා ළිං පවා සිඳෙමින් පවතින්නේ. එනිසා ඇලහැර අමුණට අක්කර අඩි 500ක ප්‍රමාණයක් නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
අද (25 වැනිදා) පැවැති පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ පාරිසරික අගැයීම් කමිටුවේදී මෙම අනතුර පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා .එහිදී මහවැලි අමාත්‍යාංශය ,මහවැලි අධිකාරිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් අත්සන් කර ඇලහැර අංගමැඩිල්ල අමුණුවලින් ජලය සැපයෙන ප්‍රදේශ වල ප්‍රවේණි අයිතිය රැකීමට අවබෝධතා ගිවිසුමකට එලඹුනා.එහි පිටපත් අදාල ආයතන වල තිබේ .එය උල්ලංඝනය කලොත් නීතිමය පියවර ගත හැකියි.
ලංකාවේ ලොකු එකා ඇති වෙන්න බෙදාගෙන ඉතුරු වෙන දෙයක් පොඩි එකාට දෙන තියරි ඒක තමා හැමදාම ක්‍රියාත්මක වුනේ , මෙ ජලාශ ප්‍රශ්නෙදි අලුත්ම ලොකු ජලාශය පුරවල ඉතුරු වෙන දෙයක් තමා පොඩි ජලාශ වැව් වලට ලැබෙන්නේ. කුඹුරු පුරන් වෙන තරමට වී මෝල්කාරයන්ට වාසි, ගොවියන්ට පාරිභෝගිකයාට වඩා මේ දවස්වල වී මෝල්කාරයන්ට දේශපාලන බලතල වැඩි