IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු පිළිබඳ වාර්තා නෑ

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීම සම්බන්ධව ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ වාර්තා ලැබී නොමැති බව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ. ජී. ඩී. ආරියතිලක මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ඒ මහතා මේ බව පැවසීය. 

“පසුගිය කාලයේ ඇතිවූ නියං තත්ත්වයට මුහුණ දීම සඳහා වගා නොකරන ලද කුඹුරු ඉඩම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් පවරාගෙන වගා කිරීමට කැමති පුද්ගලයන්ට දීමට තීරණය කළා. ඒත් ගාල්ල දිස්ත්‍රික්කයේ වගා නොකරන කුඹුරු ඉඩම් සම්බන්ධව තවමත් වාර්තාවක්වත් ලැබී නැහැ. දැනට ලබා දෙන්නේ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු සම්බන්ධ වාර්තාවක්. එය ප්‍රමාණවත් නැහැ.“

“කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී වසම් මට්ටමින් මේ වාර්තාව ලබාගැනීම අවශ්‍යයි. එවිට කුඹුරු වැඩ කරන තැන් සහ නොකරන තැන් බලාගත හැකියි. මේ වාර්තා සකස් කරන්න කියා ප්‍රාදේශීය කමිටු රැස්වීම්වලදීත් දැනුම්වත් කළා. ඒත් ප්‍රාදේශීය නිලධාරීන් ක්‍රියාත්මක වෙලා නැහැ.ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහාය නැතිව අපිට ඉඩම් පවරාගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. මාධ්‍යයත් අපෙන් නිතර මේ ගැන විමසනවා.අපිට දෙන්න උත්තර නැහැග“යැයි ඒ මහතා කීය

මේ සම්බන්ධව පිළිතුරු දෙමින් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ඩබ්ලිව්.කේ.විමලරත්න මහතා පැවසුවේ වැඩපිළිවෙලක් තවමත් සකස් කර නොමැති බවත් පුරන් කුඹුරු ප්‍රමාණය ඇතුළත් වාර්තාවක් සතියක් ඇතුලත ලබා දෙන බවත්ය.



අදහස් (0)

ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු පිළිබඳ වාර්තා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1730 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site