බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් බඳවා ගත් ඩෙංගු මර්දන නිලධාරීන් 500 දෙනෙක් පුහුණූවෙන් පසු ක්ෂේත්‍ර රාජකාරී සදහා අනුයුක්ත කර තිබේ. ඔවුන් විසුරුවා හැරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අද (18) පෙරවරුවේ දී පැවැත්විනි.
මදුරු මර්දන නිලධාරීන් 1500 ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
පළමු අදියර යටතේ බස්නාහිර පළාත සදහා පමණක් ඩෙංගු මදුරු මර්දන නිලධාරීන් 500 ක් බඳවාගෙන ඊට අදාල පුහුණු කිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරිනි. එම පුහුණුව අවසන් කළ මදුරු මර්දන නිලධාරීන් මෙසේ ක්ෂේත්‍ර රාජකාරී සදහා යොදවන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd