(අජිත්ලාල් ශාන්තඋදය)
විවිධ ක්ෂේත‍්‍රයන් හි පළමුවැන්නියන් ගණනාවක්ම ලොවට දායාද කළ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් දින පහක් පුරා පැවැත්වෙන අධ්‍යාපන, කෘෂිකාර්මික සහ වෙළඳ ප‍්‍රදර්ශනය හෙට (27) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ‍්‍රයේ දී ආරම්‍භ වේ.
ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝසී සේනානායක මහත්මිය ඇතුළු දේශපාලන, පරිපාලන, අධ්‍යාපන, සෞඛ්‍ය, ඉංජිනේරු, වානිජ සහ සමාජ ක්‍ෂෙත‍්‍රයේ විද්වත් කතුන් රැසකගේ මුල් අධ්‍යාපන භූමිය වී තිබුණේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයයි. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකරණ ලද ගෘහස්ථ ක‍්‍රීඩාගාරය ද, ජනාධිපතිවරයා අතින් හෙට දින සිසු අයිතියට පැවරීමට නියමිතය.
වනරෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පැල 4000 ක් බෙදා දීමද ජනාධිපතිවරයා අතින් සිදුකෙරේ. විද්‍යාලයේ දරු දැරියන්ගේ නිර්මාණ ද ඇතුළත් මෙම අධ්‍යාපන, කෘෂිකාර්මික සහ වෙළඳ ප‍්‍රදර්ශනය මේ මස 30දා තෙක් පැවැත්වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම හෙට සිට