(ඩබ්ලිව්.ඒ. අසේල)
මාරස්සන ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයාට අයත් පෞද්ගලික මෝටර් රථය රෝහල් භූමියේ නවතා තිබියදී කිසියම් පිරිසක් විසින් අලාභහානි කර ඇත.
වාහනයේ ඉදිරිපස වීදුරුවට හා පැති වීදුරුවලට හානි කර ඇති අතර රුපියල් ලක්ෂ තුනක පමණ අලාභයක් සිදුවී ඇති බවට තලාතුඔය පොලීසියට පැමිණිලි කර ඇත.
කුමන හේතුවක් නිසා මෙසේ වාහනයට හානි කළාද යන්න නොදන්නා බව වෛද්‍ය ඩබ්ලිව්.එම්. ජයරත්න බණ්ඩාර මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගීන් ප්‍රාණ ඇපයට අරන් වර්ජන කරන එකට මිනිස්සු කුපිත වෙලා වෙන්න ඇති ,
තම වගකීම් හරිහැටි තේරුම් අරගෙන ජනතාවට සේවය සලසන "හොඳ දොස්තර මහතෙකුට" මේවාගේ ප්‍රහාරයක් එල්ල වීමට තියන සමභාවිතාව 0.0001% පමණ බවයි මගේ හැගීම .
ඔන්න වෛද්‍ය සංගමේට තව හේතුවක් හැදුන වර්ජනයක් දාන්න.
කාට වුනත් මේ විදිහට දේපළ හානි කිරීම අනුමත කරන්න බැහැ, ඒක නින්දිත දෙයක්,
හැම දෙයකටම වර්ජන කර රෝගීන්ගේ ජිවිත අනතුරට පත් කරන දොස්තර සංගමයට සිතා බැලීමට කාලය පැමිණ ඇත , උසාවි නියෝග කඩමින් ඉවක් බවක් නැතුව තම බලය උපයෝගී කරමින් ජනතාවට කරදර කලොත් ඉදිරියට තව තවත් මෙවැනි ප්‍රහාර එල්ල විය හැක , මිනිස්සු හැමදාම ඉවසන්නේ නැත
වැඩිය බය වෙන්න එපා. පළාතේ තියන පෞද්ගලික ඩිස්පැන්සරි වල අදායම අඩු ඇති.