IMG-LOGO

බොදුණු දරු දැරියන් 45 ක් කිතුණු පාසලක සිල් සමාදන් වෙති

(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය බොදුණු ඉතිහාසයේ ප්‍රථම වරට කිතුණු පාසැලක් තුළ සිල් සමාදන් වීමේ අවස්ථාවක් අද (9) දැකගැනීමට හැකි විය.

කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ මාම්පුරිය රෝමාණු කතෝලික සිංහල දමිළ මහා විද්‍යාලයේ බොදුණු සිසු දරු දැරියන් 45 දෙනෙක් සහ ගුරුවරු පිරිසක් සිල් සමාදන්ව සිටියහ.

පුත්තලම් දිස්ත්‍රික් සර්ව ආගමික කමිටුවේ සභාපති දලුව ශ්‍රී සුමනාරාමයේ විහාරාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම විදුහලේ විදුහල්පති කිතුණුවකුවන වසන්ත අප්පුහාමි මහතා මෙම සිල් සමාදන් වීමේ වැඩ සටහන  ගැන මෙසේ අදහස් දැක් වූයේ ය.
"කල්පිටිය බහු ආගමික,බහු ජාතික,විචිත්‍ර සංස්කෘතියක් සහිත අර්ධදීපයක්.අප සෑම ආගමකටම,ජාතියකටම  ගරු කළ යුතුයි.ඒ පාඩමේ මුල් පොත පාසැලින් කිවයුත්තක්."
"ආගමික සහජීවනයේ පාඩම අපට මෙවැනි ප්‍රායෝගික අත්දැකීම් තුළින් ලබාදිය හැකි බවයි මගේ අදහස.එම නිසා මෙම වැඩ සටහන විදුහල තුළ පැවැත්වීම ලැබීම සතුටට කාරණයක්."



අදහස් (5)

බොදුණු දරු දැරියන් 45 ක් කිතුණු පාසලක සිල් සමාදන් වෙති

ELVIN DE ZILVA Wednesday, 10 May 2017 11:02 AM

ඔබේ අදහසට මමත් කැමතියි . කිසිම ආගමක කියල නැහැ ආගම් කියලා...

:       1       74

ajith karunaratne Thursday, 11 May 2017 01:54 AM

ඉතාම යහපත් ක්‍රියාවක්. කල්පිටිය කිතුනු බැතිමතුන්ගේ මෙම සද් කාර්යය අපේ බෞද්ධ ජනතාවට මහඟු ආදර්ශයක් වේවා!

:       0       71

shanthi Friday, 12 May 2017 06:47 AM

ඉතාම හොඳයි... එසේ වුවත් කතෝලික අපට රටේ තිබෙන සැලකිලි ඉතාම සුළුබවක් තමා තියෙන්නේ....කතෝලික ආගමට විරුද්ධකම්ද අඩුවක් නැත. තව දෙයක් ...බෞද්ධ පාසලක නත්තල් සමරන්න මේ විදියට ඉඩ සලසයිද? දිව්‍ය පූජාවක් වගේ දෙයක් සංවිධානය කරන්න සිටින සුළුතරයක් වන සිසුන් වෙනුවෙන්...

:       2       77

rasaSaturday, 13 May 2017 05:32 AM

එහෙම කියන්න එපා නත්තලට අපි හැමෝම සහභාගි වෙනවා... කිසිම ආගම භේදයක් නැහැ.

:       3       0

shan saudi Sunday, 14 May 2017 10:36 AM

රාසා ඔබ හරි.... මේ භේද හදන්නේ වෙනම කණ්ඩායමක්... ඒ ඔවුන්ගේ ලාභ ප්‍රයෝජනය සඳහා රටේ ජනතාවගේ ආගම් භේදයක් නෑ.. හැමෝම, මේ හැම දෙයක්ම සතුටින් බර ගන්නවා, සහයෝගය දෙනවා...ගමක් වුණාම, නගරයක් වුණාම හැමෝම සහයෝගයෙන් සමාදානයෙන් ඉන්න ඕනේ... එතකොට තමයි හැමෝම රැකෙන්නේ... ජනතාව භේද බින්න කිරීම මගින් ජාවාරම්කරුවන්, අපරාධකරුවන්, හොරුන්, වංචාකරුවන් හා මිනීමරුවන් රැකෙනවා. එ්ක ජනතාව තේරුම් ගන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site