(බිමල් ශ්‍යාමන් ජයසිංහ
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය 23 හැවිරිදි වියේ පසුවන ජීවිතාරක්ෂක උපදේශකවරියකු වන අතර ඇගේ සැමියා 27 හැවිරිදි කුලී රථ රියැදුරකු බවද පොලිසිය පවසයි.
සැකකාරිය මත්කුඩු පැකට් ප්‍රවාහනයට යොදාගත් ස්කූටරයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
පොලිසිය ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නිවසේ සැමියා පමණක් සිට ඇති අතර ඔහු සතුව මත්කුඩු පැකට් 12ක් තිබී පොලිසිය බාරයට ගෙන ඇත. එම කාන්තාව ස්කූටරයෙන් පැමිණෙමින් සිටියදී ගල්කිස්ස පිරිවෙණ පාරේදී කළ පරීක්ෂාවේදී ඇය සතුව තිබී හෙරොයින් පැකට් 24ක්ද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.