(ඉන්දිකා රාමනායක)
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම මෙහෙයුම ඊයේ (11) පෙරවරු 6.00 සිට අද (12) පෙරවරු 6.00 දක්වා පැවැත්විණි.
මෙම මෙහෙයුමේදී බීමත් රියදුරන්ට අමතරව විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් 10170කට චෝදනා එල්ල කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
වැඩිම බීමත් රියදුරන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල ප්‍රදේශයෙන් බවද රථවාහන පොලිස් මුලස්ථානය කියයි.
මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකළ බවත් අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ට ඇප ලබා නොදී ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන බවත්, වාහන මුදා නොහරින බවත්, පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.