(ඉන්දික නිරෝෂන)
සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය භාණුමුණි ප්‍රිය මහතාට අයත් ජීප්රථයක් ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේදී අද (15) දා පාරෙන් ඉවතට පැන අටකලන් ඇළට පෙරළීමෙන් ජීප් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව කහවත්ත පොලිසිය කියයි.
අමාත්‍යවරයා උඩවලව ප්‍රදේශයේ උත්සවයක් සඳහා ගොස් ඇති අතර, ජීප්රථය රාජකාරි කටයුක්තක් සඳහා නැවත සබරගමු පළාත්සභාවට පැමිණෙමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු පමණක් ගමන්කර ඇති අතර රියදුරුට තුවාල සිදුව නැති බව පොලිසිය පැවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති අයි.ඵ්.ඵම්. ජයතිස්ස මහතා ඇතුළු නිලධාරීන් පරික්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද මේ කියන්නේ රාජකාරි කටයුත්තකට ඇමතිගේ ජීප් එක මොකටද මෙය රියදුරුගේ පුද්ගලික වැඩක් වෙන්න ඇති