(චමිල් රුපසිංහ)
අද (16) උදෑසන ප්‍රදේශයේ පුරා හමා ගිය සුළඟක් නිසා උඩුනුවර වෙළම්බොඩ කුරුදෙණිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පිහිටා ඇති පැරණිතම බෝධින් වහන්සේ කඩා වැටීමෙන් ධර්මශාලාවට හා පැරණි විහාර මන්දිරය ට දැඩි ලෙස අලාභහානි වී ඇත. එහෙත් විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේට කිසිදු හානියක් සිදු වී නැති බව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ විහාරාධිකාරී කන්ද කැටියේ විමලසෝම හිමියෝ පවසති.
මෙම ප්‍රදේශයේ පැරණිතම බෝධින් වහන්සේ මෙය බවත් එහි ඇති විශාලත්වය නිසා යම් අනතුරක් විය හැකි බවත් එම නිසා එය ඉවත් කර දෙන ලෙස රජයේ නොයෙක් ආයතන වලට දන්වා සිටියත් මේ දක්වා කිසිවෙකු මේ සම්බන්ධව අවධානයක් යොමු කර නොතිබූ බවද උන් වහන්සේ පැවසා සිටියා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් අනුහස් කිය කිය මේවාට පුජා කරකර ඉඳලා මිනිස්සුන්ට මොන විමුක්තියක්ද.