දයාරත්න ඇඹෝගම
අනුරාධපුර නිවත්තකචේතිය මහ විදුහල් 83 වැනි සැමරුම වෙනුවෙන් අද (19) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත අනුරාධපුර නගරය හරහා පෙරහරින් කප් රුක් වස්ත්‍ර පූජාවක් නැටුම් ගැයුම් පංච තුර්ය නාද බෞද්ධ කොඩි සේසත් මුරායුධ සහිතව සෙත් පිරිත් ගායනා මැද වැඩම කරන ලදී.
එම පෙරහරේ පැමිණි හිත මිත්‍ර යහළුවන් සහ ගුරු භවතුන් ඇතුළු තුන්දහසකට අධික පිරිසකට අනුරාධපුර මධ්‍ය මහා විදුහල් හාරදහසක පමණ දු දරුවන් විසින් සිසිල් පැන් සංග්‍රහයක් පවත්වනු ලැබිය.
මෙම අවස්ථාවට නිවත්තකචේතිය විදුහල් විදුහල් පතිතුමා මධ්‍ය මහා විදුහල් විදුහල්පති , ගුරුමණ්ඩලය ඇතුළු දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද ලංකාවේ බුදුදහම අනේ මන්ද බුදුහාමුදුරුවෝ මේවා කිව්වේ නැහැනේ පිස්සු මිනිස්සු තමන්ගේ මිත්‍යාවන් බුදුදහම කියල අරගෙන බුදුහාමුදුරුවන්ට අපහාස කරනවා
අපි දන්නා පමණින්, ශ්‍රී මහා බෝධියට කප් රුකෙන් ඇති පලයකුත් නැහැ. වස්ත්‍ර වලින් ඇති ප්‍රයෝජනයකුත් නැහැ. අනෙක, බුදුහාමුදුරුවෝ ඕව කරන්න කියලත් නැහැ.