(රේඛා තරංගනී ෆොන්සේකා)
රත්මලාන දුම්රිය අංගනයෙන් සහ කටුබැද්ද ඩිපෝවෙන් ඉවතලන තෙල් මිශ්‍ර කාර්මික අප ජලය නිසා ලුනාව කලපුව මළ කලපුවක් බවට පත් වෙලා ලිපි සීයකින් මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කලත් කිසිදු විසඳුමක් ලැබිලා නැතැයි නගර සංවර්ධන උපාංග මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක මහතා පැවසීය.
මොරටුව සංවර්ධන කමිටුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මොරටුව ප්‍රාදේශීය ලේකම් හිමාලි කරැණාරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති රැස්වීමක දීය.
ලුනාව කලපුව කොළඔට ආසන්නව පිහිටි ස්වභාවික එකම කලපුවයි.
මෙය ජෛව විවිධත්වයෙන් අනූන කලපුවක් පසුගිය වසර වල ලුනාව කලපු ව්‍යාපෘති යටතේ කලපුව ජීවී කලපුවක් බවට පත් කරන්න පුලුවන් වුණා. නමුත් මේ වෙනකොට ඇලමාර්ග ඔස්සේ කලපුවට ගලා එන කාර්මික අප ජලයෙන් කලපුව දූෂණය වෙලා
දුම්රිය අංගනයට අයත් සුද්දගේ කාලේ හදපු අප ජලය පිරිපහදු ස්ථානයක් තිබුණත් මේ වන විට එය ක්‍රියාකාරි තත්වයේ නැහැ.
පුද්ගලික ආයතනයන්ට වරින් වර කළ දැනුවත් කිරිම් සහ නඩු පැවරීම් හේතුවෙන් ඔවුන් ඇල මාර්ග ඔස්සේ කලපුවට බැහැරලන කාර්මික අප ජලය නවතාලන්න එහෙම නැත්නම් පිරිපහදු කොට මුදා හරින්න පියවර ගෙන තියෙනවා නමුත් පුද්ගලික ආයතන වලින් පරිසරය රැකීමට ලැබෙන සහය මෙම රාජ්‍ය ආයතන වලින් ලැබෙන්නේ නැති බවත් ඔහු සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෙස මේ කලපුව විනාස වීමට පළාත් සභාව හා ඒ ආයතනයේ නිලදාරීන් ඍජුවම වගකිව යුතුය මන්ද ඔවුන් සිටින්නේ මර නින්දේ පසුවීම හා ලාභ ප්‍රයෝජන මත නිහැඩියාවෙනි. මෙය අපවිත්‍ර කරන ආයතන පාලනය කර මේ විනාසය නතර කල හැකිවන්නේ ඔවුන්ට මිස අන් කිසිවෙකුට නොවේ
පිළිකා නෙවෙයි හැදෙන්නේ. ලංකාවේ තරම් ආත්මාර්ථකාමී මිනිස්සු වෙන කොහෙවත් නැතිව ඇති. ප්ලාස්ටික් ,තෙල් වැනි අපද්‍රව්‍ය අයිති නැති ඇලකට දොලකට, පාරකට, පරිසරයට මුදා හැරලා තමන්ගේ තැන පිරිසිදුව තියාගෙන ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නේ.