(පොලොන්නරුව ක.ග. කරුණාරත්න / මනම්පිටිය නිමල් ජයරත්න)
මහවැලි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ විසූ අලියෙක් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද (20) අලුයම 3.30 ට පමණ ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටීම නිසා බරපතල ලෙස තුවාල ලබා තිබේ.
ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටි අලියා දෙහිඅත්තකණ්ඩිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගැටී තිබෙන බව විමර්ශන කටයුතු කරන පොළොන්නරුව පොලීසිය කියයි.
එම අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටින අලියාගේ තත්වය බරපතල බව වනජීවී නිලධාරීහු කියති.

එම අලියා මහ මාර්ගය අසල වේදනා විඳිමින් වැතිර සිටින අයුරු...
(ඡායාරූපය - පොලොන්නරුව ක.ග. කරුණාරත්න)


(ඡායාරූප - මනම්පිටිය නිමල් ජයරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාත්‍රී කාලයේ පාලු මාවත් වල බස් රියදුරන් යන වේගය ගැන සාමාන්‍ය මිනිස්සු දන්නවා, ඉතින් මේ සතා මේ අනතුරින් ලැබූ තුවාල වලින් කොයිතරම් වේදනාවක් විඳිනවා ඇතිද කියල හිතෙනකොට ඇතිවන්නේ තද කණගාටුවක්.
වනජීවී නිලධාරීන් සහ වෛද්‍යවරුන් පැමිණෙන්නේ මේ සත්වයා මිය ගියාට පසුවද?
වෙන රටවල සතෙකු හැප්පීම බරපතල වරදක්. එම රියදුරාට බරපතල දඩුවම් දිය යුතුය. මොකද අලියා නොපෙනුනනම් මිනිහෙක් කුමක්වේද
බස් එක එලෙව්වේ පොට්ටයෙක්ද ?
අනේද කියන්නේ මිනිස්සු තියා අලියෙක් වත් පෙන්නේ නැති අයනේ ලංකාවේ වාහන එලවන්නේ දැන්. අඩුගානේ අලියට සත්කාර කරන්නවත් කෙනෙක් නැද්ද අනේ