(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල ඇල්ල බදුල්ල යන ප්‍රදේශවල ඊසී කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු විකීණීමේ ජාවාරමක නිරතවූ තරුණයන් දෙදෙනකු හෙරොයින් පැකට් 53 ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.
හල්පේ ප්‍රදේශයේ දී සැකකරු ගැණුම්කරුවකුට හෙරොයින් මත්කුඩු විකිණීම සඳහා විදුලි කණුවක හෙරොයින් පැකට් අලවා තබා යාමට සූදානම් වෙද්දී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මොවුන් කලක සිට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් පැකට් විදුලි කණු,දුරකතන කණූ හා නාම පුවරු මත තබා හොර රහසේ අලෙවි කර ඇතැයි පොලිසිය කියයි.
හෙරොයින් සම්බන්ධයෙන් මොවුන්ට පෙර වැරදි ඇති බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd