IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉබ්බාගමුවේත් ඩෙංගු රෝගීන් ගණන ඉහළට

(සම්පත් සෙනවිරත්න)

ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය කලාපය තුළ ඉකුත් සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවත් ඒ අතරින් වැඩි රෝගීන් ගණනක් කලාපයෙන් පිට සිටිය දී එම රෝගයට ගොදුරු වූවන් බව ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

2017 වසර ආරම්භයේ සිට මේ වනවිට ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය කලාපය තුල ඩෙංගු රෝගය වැළඳුන බවට සැක කෙරෙන රෝගීන් 120 ක් පමණ වාර්තා වන අතර ඔවුන්ගෙන් 74 දෙනෙකු ස්ථිර ලෙස ඩෙංගු රෝගයට ගොදුරු වූවන් බවට හඳුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල කියයි.

එම රෝගීන්ගෙන් 66 දෙනෙකු රැකියා ඇතුළු වෙනත් අවශ්‍යතා සඳහා ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය කලාපයෙන් බැහැරව සිටිය දී ඩෙංගු රෝගයට ගොදුරු වූවන් බවත් කලාපය තුළ පදිංචිකරුවන් 8 දෙනෙකුට පමණක් ඩෙංගු වැළඳී ඇති බවත් පරීක්‍ෂණ වලින් හෙළිවූ බව ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී.ටී.අබේකෝන් මහතා සඳහන් කරයි.

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයට පසු ඉබ්බාගමුව කලාපය තුල ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතයෙහි වර්ධනයක් දක්නට ලැබෙන අතර සාමාන්‍යයෙන් මාසයකට රෝගීන් 25 දෙනෙකු  පිළිබඳ වාර්තා ලැබෙන බව ද පවසන වෛද්‍ය අබේකෝන් මහතා ඔවුන් අතරින් ස්ථිර වශයෙන් ඩෙංගු වැළඳුන රෝගීන් හඳුනාගෙන ඔවුන් පදිංචි නිවෙස් හා අවට පරිසරය දුමානය කිරීම ඇතුළු වෙනත් ක්‍රම භාවිතා කරමින් එම රෝගය පැතිරීමේ ඉඩකඩ අවම කිරීමේ විශේෂ සැලැස්මක් මෙම දිනවල ක්‍රියාත්මක කෙරෙන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කරයි



අදහස් (0)

ඉබ්බාගමුවේත් ඩෙංගු රෝගීන් ගණන ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31361 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13578 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11011 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 991 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site