හරක් 17ක් සමග හතරක් සැකපිට බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් සිටි බව කියන ලොරි රථ දෙකක් සමග සැකකරුවන් සිව් දෙනකු ස්ථාන දෙකකදී අද(22) අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය කියයි. 22 June 2017
ගාලු මහින්දයට වසර 125යි. වර්ෂ 1892 දී ආරම්භ කළ ගාල්ල මහින්ද මහ විදුහලට වසර 125 සැපිරීම නිමිත්තෙන් පාසලේ ආදී සිසුන්,වත්මන් සිසුන් සහ දෙමාපියන් ඇතුළු විද්‍යාලීය ප්‍රජාව ගමන් කරන දැවැන්ත පාගමනක් සංවිධානය කරන බව මහින්ද විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා පැවසීය. 21 June 2017
ගුරුවරුන් ඉල්ලා දෙමාපියෝ මහ පාරට මෙවර පැවැත්වෙන උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණු දෙන දරුවන් හට අධ්‍යාපනය ලබා දීම සදහා විෂයන් කිහිපයකට ගුරුවරුන් හිඟ බැවින් එම විෂයන් සඳහා ගුරුවරුන් කඩිනමින් පාසලට ලබා දෙන ලෙස ඉල්ලමින් ඇලයාපත්තුව මහ විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද (21) විලච්චිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ. 21 June 2017
‘කතරගම සොහොන් බිමක් කොළඹට විකුණලා‘ කතරගම නාගහවීදියේ සොහොන් භූමිය විවිධ පුද්ගලයින් අල්ලා ගෙන කොළඹ වැනි ප්‍රදේශවල පුද්ගලයින්ට විකිණීම නිසා අක්කර 2 ක් පමණ වූ සොහොන් භූමිය දැන් අක්කර කාලකට පමණ සීමාවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 20 June 2017
බස් - කාර් ගැටුමින් හතරක් රෝහලේ පානදුර - හොරණ මාර්ගයේ බණ්ඩාරගම, රඹුක්කන දී සුඛෝපභෝගී බස් රියක් හා මෝටර් රියක් එකිනෙක ගැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 19 June 2017
ගාල්ලේ අන්තර්ජාතික පාසලක දෙමාපියෝ විරෝධතාවක ගාල්ල ද ඉන්ටනැෂනල් පෞද්ගලික විදුහලේ දෙමාපියන් පිරිසක් අද සිය විදුහලේ විදුහපතිවරයා ඉවත්කිරීම සහ සිසුන්ගේ ආරක්ෂාවට ගොඩනැගිලි පිළිසකර කිරීම් ඇතුළු කිසිවකට ඉහළ පාලන අධිකාරිය අවධානය යොමු නොකිරීම නිසා ඊට විරෝධය පල කරමින් විදුහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුහ. 19 June 2017
මධ්‍යම පළාතේ අනධය්යන සේවකයන්ගේ ගැටළු වලට විසඳුම් ඉල්ලයි මධ්‍යම පළාත් සභාව යටතේ පවතින පාසැල්වල සහ කලාප අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්තව සේවය කරන අනධ්‍යයන සේවකයින් මුහුණදෙන ගැටළුවලට ඉතා ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතාගෙන් ඉල්ලා සිටියි. 19 June 2017
ගුරු හිඟයට විසඳුම් ඉල්ලා රේවත විදුහලේ දෙමාපියෝ උද්ඝෝෂණයේ පවතින ගුරු හිඟයට විරෝධය පා බලපිටිය රේවත විදුහලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියෝ අද (19) දරුවන් පාසල් නොඑහු. 19 June 2017
පාරිසරික සංරක්ෂණයට පෝසටර් චිත්‍ර තරගයක් පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් හා මහජනතාව දැනුවත් කිරිමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය පාරිසරික පෝස්ටර් චිත්‍ර තරගයක් පවත්වයි. ඔක්තෝබර් මස දී පැවැත්වීමට නියමිත ජනාධිපති පරිසර උළෙලට සමගාමීව තරගාවලිය පැවැත්වීමට නියමිතය.පාසල් දරුවන් හා විවෘත වශයෙන් අංශ දෙකක් යටතේ තරගය පැවැත්වෙයි. 19 June 2017
හැටන් දික්ඔය කුණු වැඩිවෙන්න හේතුව දේශපාලන බලපෑම්ලු හැටන්- දික්ඔය නගර සභාවේ කැළි කසළ ගැටලුව උග්‍ර වීඇත්තේ එහි හිටපු දේශපාලනඥයන්ගේ බලපෑම් මත නිලධාරින් රජයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරිමට මැළිකමක් දැක්වීම නිසා බව මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම, පරිසර කටයුතු, වතු යටිතල පහසුකම් හා හින්දු අධ්‍යපන අමාත්‍ය එම්. රාමේෂ්වරන් මහතා පැවසීය. 18 June 2017
පුරාණ මීරිගම වෙල්යායකින් ඇටකටු මතු වෙයි මීරිගම විල්වත්ත හා බෝතලේ දුම්රිය ස්ථාන අතර පුරාණ මීරිගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල වෙල් යායක විසිරී තිබූ මෘත ශරීරයක අස්ථි කොටස් අද (18) සොයාගත් බව මීරිගම පොලිසිය කියයි. 18 June 2017
බුංඇළේ වතුර රතු වී දීඇල් ඔයත් අපවිත්‍ර වේ වේවැල්දෙණිය බුං-ඇළ දිගේ ගලා එන තද රතු පැහැති ද්‍රවයක් තිත්තවැල්මංකඩ ප්‍රදේශයේදී දී-ඇල් ඔයට මුසුවීම නිසා පවුල් තුන් දහසක ට වැඩි පිරිසක් ජලය පරිහරණය කිරීමේදී විවිධ පීඩාවන්ට පත්ව ඇතැයි මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කරනු ලැබීය. 18 June 2017
රෝහලේ ශ්වසන ඒකකය අසල කසළ දහනයෙන් රෝගීන්ට පීඩා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසන රෝගී ඒකකය අසල රෝහලේ කසළ දහනය කිරීමෙන් එහි ප්‍රතිකාර ලබන රෝගීන් හා රෝහල් කාර්යමණ්ඩලය දැඩි ලෙස පිඩාවට පත්ව ඇතැයි රෝගීහු මෙන්ම කාර්ය මණ්ඩලය ද චෝදනා කරති.. 18 June 2017
ගොවීන්ට දෙන්න ගෙනා කිරි හරක් 2000ක් අන්සතු කරලා විෂය භාර ඇමති පි. හැරිසන් මහතා පසුගිය දිනවල ගොවීන්ට බෙදාදීම සදහා කිරි හරක් 2000ක් ගෙන්වා ඇති බවත් එම හරක් ගොවින් 5600ක් දෙනා ඉල්ලුම් කර ඇතත් නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරාට හා පශු සම්පත් අංශයේ අධ්‍යක්ෂවරියකගේ සැමියකු ඇතුළු තවත් දේශපාලන හිතවතුන් 19 දෙනකුට බෙදා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (17) දඹුල්ලේ දී මාධ්‍ය හමුවක දී කීවේය. 16 June 2017
මීගමුවේ කුණු දැම්මොත් වැඩ වරදී මීගමුව මහ නගර සභා බල සීමාවේ කොතැනක හෝ කවුරුන් හෝ විධිමත් නොවන අයුරින් කැලි කසල දැමුවහොත් නිතිය අකුරටම ක්‍රියාත්මක කරනු ලබන බව මීගමුව නගර සභා කොමසාරිස් කියයි. 16 June 2017
අපුර සිසුවෙක් අතුරුදන් අනුරාධපුර තෙප්පන්කුලම විදුහලේ 9 වසරේ සිසුවකු හිටිහැටියේ අතුරුදන් වී ඇතැයි එම විදුහලේ විදුහල්පතිවරිය අනුරාධපුර පොලිසියේ කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි. 16 June 2017
නෙළුවට යළිත් මහ වැසි පසුගිය දිනවල ඇති වු මහ ගංවතුරින් පසු නෙළුව ප්‍රදේශයට මේ දිනවල යළිත් මහ වැසි පතිත විය. 16 June 2017
ලක්ෂ නවයක විස්කි බෝතල් 176 ක් හලාවතින් රුපියල් ලක්ෂ නවයක් වටිනා විස්කි බෝතල් 176 ක් බලපත්‍ර රහිතව සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටින විට මාදම්පේ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 16 June 2017
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් ගම්පහදී මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස රජයට බලකර සිටීමේ ගම්පහ දිස්ත්‍රික් ගූරු විදුහල්පති එකමුතුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (15) ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. 15 June 2017
ඉමදූවේ හානිකර ගල්කොරිය නවත්වන්නැයි දැනුම් දෙයි ඉමදුව ගලදෙනි කන්ද ගම්මානයේ පවත්වාගෙන යන හානිකර ගාල්කොරිය වහාම නතරකර තමාට දන්වන ලෙස ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් එස්.ටී කොඩිකාර මහතා අද (15) ඉමදුව ප්‍රාදේශිය ලේකම්වරියට දැනුම් දුන්නේය. 15 June 2017
කරාපිටිය බස් නැවතුම රැකගැනීමට උද්ඝෝෂණයක් ගාල්ල කරාපිටිය බස් නැවතුම වෙනත් ස්ථානයකට ගෙන යාමට විරුද්ධව කරාපිටිය පරිසර ප්‍රජා සංවර්ධන කේන්ද්‍රය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(15) කරාපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පැවැත්විණි. 15 June 2017
කසළ නිසා හැටන් කඩ වැසෙයි හැටන් නගරයේ මාස තුනක පමණ කාලයක සිට කැළි කසල බැහැර නොකිරිමට විරෝධය පළකරමින් හැටන් නගරයේ වෙළදසල් වසා අද (15) හර්තාල් ව්‍යපාරයක් පැවැත්විණි.මීට අමතරව ව්‍යපාරිකයන් පිරිසක් හා ප්‍රදේශවාසින් පිරිසක් උද්ඝෝෂණයක් ද පැවැත්වූහ. 15 June 2017
විදුලිය ඇණ හිටිමෙන් ගාලු තැපැල් කාර්යාලයේ වැඩ නවති විදුලි බලය නොමැති වීමෙන් අද (15) ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කටයුතු අඩපණව ඇත. ප්‍රදේශයට විදුලිය සපයන විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) විසින් අලුත්වැඩියා කටයුත්තක් සඳහා විදුලිය කපාහැර ඇති අතර තැපැල් කාර්යාලයේ ජෙනරේටර් දෙකම ක්‍රියා විරහිතව ඇති බව සේවකයෝ පවසති. 15 June 2017
දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනය 15 වැනි දා ඇරැඹෙයි දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනය මේ මස 15, 16, 17, සහ 18 යන දිනයන්හි පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා ගාල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත ය. 13 June 2017
ආධාර කන්ටේනරයක් නාගොඩට ගංවතුරින් විපතට පත් නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් 200ක් සඳහා බෙදා දීමට ආධාර තොගයක් අද (13) හිරියාල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් මංජුල යාපා මහතා විසින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී. 13 June 2017
අකුණු සංනායකයටත් හෙණයක් ගාල්ල රිච්මන්ඩ් විදුහල්පති නිල නිවසේ සවිකර ඇති අකුණු සන්නායකයෙන් කොටසක් සොරුන් විසින් කපාගෙන ගොස් ඇති බවට විදුහලේ සහකාර විදුහල්පතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කරතිබේ. 12 June 2017
ගම්පහ පොල් අස්සැවැන්න වැඩි කරන්න නොමිලේ පැල පොල් වගාව වැඩි දියුනු කිරීම පිනිස පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් වගා සහනාධාරයක් ලෙස නොමිලයේ පොල් පැල ලබා දීමේ වැඩ සටහනක් අරඹා ඇති අතර මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පොල් පැල 87000 ක් මෙම වසරේදී වගා කිරීමේ ඉලක්කයක් පවතින බව එම මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 12 June 2017
මැර කල්ලියක් ධර්මපුරම් නිවසක් කොල්ලකයි කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ආයුධ සන්නද්ධව ඇතුළු වූ මැර කල්ලියක් විසින් නිවැසියන්ට පහරදී රන් පවුම් 40ක් සහ රුපියල් ලක්ෂ හතරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 12 June 2017
තරුණයෙක්ගේ සිරුරක් මාමඩල වැවෙන් හමුවෙයි නාට්‍ය අධ්යක්ෂ වරයෙකුට අයත් අම්බලන්තොට මාමඩල නිවසේ සිටි නාවලපිටියේ තරුණයකුගේ සිරුර මාමඩල වැවේ සොරොව්ව අසල තිබී හමු වූ බව අම්බලන්තොට පොලිසිය කියයි. 12 June 2017
ගිරිතලේ යුද හමුදා කඳවුරෙන් සෙබළ සෙබළියෝ 255 ක් විසිර යති ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් පාසලේ දී මුලික විනයාරක්ෂක පාඨමාලාව හැදෑරූ සෙබළුන් 165 දෙනෙකු සෙබලියන් 90 දෙනෙකු විසිර යාමේ උත්සවයක් අද (12) පැවැත්විණි. 12 June 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025