(ඡායාරූප - කේ.ජී.කරුණාරත්න)
ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් පාසලේ දී මුලික විනයාරක්ෂක පාඨමාලාව හැදෑරූ සෙබළුන් 165 දෙනෙකු සෙබලියන් 90 දෙනෙකු විසිර යාමේ උත්සවයක් අද (12) පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විනයාරක්ෂාධිපති හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් සේවා බළකායේ බලකාධිපති බ්‍රිගේඩියර් ගාමිණි සිරිසේන මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.
අතිශූර සෙබළාට හිමි ශුරතාව ආධුනික සෙබළ ජේ.එම්.බී.ප්‍රියනාත් ද සෙබළිය ඩබ්ලිව්.ඩී.ජි.එස්.එම්.ආරියරත්න විසින් හිමි කර ගනු ලැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මල, තාත්තල ඉන්න පින්තුරේ දැක්කම තේරෙනවා රටට ඇත්තටම ආදරේ මොනවගේ මිනිස්සුද කියලා... (ඇත්තම කිව්වොත් ඇඬෙනවා) ඒ මිනිස්සු දහදුක් විඳලා ළමයි උස්මහත් කරලා අන්තිමට ළමයව රට රකින්න රටටම පූජා කරනවා. අනිත් උගත්, බුද්ධිමත් කියලා හිතන මිනිස්සු බොරුවට එක එක දේශපාලකයන්ට බැණ බැණ යනවා. රට වෙනුවෙන් මොකුත් කරන්නේ නෑ කියලා. එ්කයි අහිංසක ගමේ මනුස්සයාගෙයි, කොළඹ ෆේස්බුක් වීරයන්ගෙයි වෙනස.
දේශපාලුවන්ගෙ වාහනවලයි මේ දෙමාපියන්ට උරුම ගල්බන්කුවෙයි වෙනස කොහොමද.