(රංජිත් රාජපක්‍ෂ)
හැටන් නගරයේ මාස තුනක පමණ කාලයක සිට කැළි කසල බැහැර නොකිරිමට විරෝධය පළකරමින් හැටන් නගරයේ වෙළදසල් වසා අද (15) හර්තාල් ව්‍යපාරයක් පැවැත්විණි.මීට අමතරව ව්‍යපාරිකයන් පිරිසක් හා ප‍්‍රදේශවාසින් පිරිසක් උද්ඝෝෂණයක් ද පැවැත්වූහ.
උද්ඝෝෂකයන් හමුවීමට ලංකා කම්කරු කොංග‍්‍රසයේ නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අරුමුගම් තොන්ඩමන් මහතා පැමිණියේය.
කැළි කසළ අද දිනය ඇතුළත නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව මගින් දිඹුල කැළි කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත බැහැර කරන ලෙස මන්ත්‍රීවරයා දික්ඔය නගර සභා ලේකම්වරියට උපදෙස් ලබා දීමත් සමග හර්තාල් ව්‍යපාරය හා උද්ඝෝෂණය කෙරිණි.
හැටන් දික්ඔය නගර සභාවට කැළි කසල බැහැර කිරිමට අක්කර පහක ඉඩමක් ලබා දෙන බවටද තොන්ඩමන් මහතා පොරොන්දු වූවේය.
වසර ගණනාවක් තිස්සේ එකතුවන කැළි කසල අක්‍රමවත් ලෙස කුඩාඔය ප‍්‍රදේශයට බැහැර කළ අතර තවදුරටත් කසළ බැහැර නොකරන ලෙසට දුන් අධිකරණ නියෝගයකින් පසුව එම ප්‍රදේශයට කසළ බැහැර කිරීම නැවතුණි.පසුව හැටන් දික්ඔය නගර සභාවේ එකතුවන කැළි කසල හැටන් මහජන වෙළදපොළ තුළ,රථගාල්වල සහ ප‍්‍රධාන මාර්ගවල ගොඩගසා තිබිම හේතුවෙන් පරිසර ගැටලූ රැසක් මතු විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කසළ නිසා හැටන් කඩ වැසෙයි