(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම විල්වත්ත හා බෝතලේ දුම්රිය ස්ථාන අතර පුරාණ මීරිගම ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල වෙල් යායක විසිරී තිබූ මෘත ශරීරයක අස්ථි කොටස් අද (18) සොයාගත් බව මීරිගම පොලිසිය කියයි.
එම ප‍්‍රදේශයේ ඉඩමක් එළි පෙහෙළි කිරීමට ගිය පුද්ගලයකුට දුගදක් දැනී කළ සෝදිසියේදි මෙම ඇට කටු දැක පොලිසියට දැනුම් දී ඇත.
හිස් කබල ද පැත්තක තිබූ බවත් ඇට සැකිල්ලේ කොටස් විසිරී තිබු බවත් පොලිසිය කීය. උකුල් ඇටයක් ඒ අසල වන රොදක තිබී හමු වී තිබේ. සරමක් හා නිල් පැහැති බැනියමක්ද ඒ ආසන්නයේ තිබී හමුවී ඇත.
මෙම ප‍්‍රදේශයේ කුඹුරු පුරන්ව පවතින හෙයින් ප්‍රදේශවාසින් නිතර නොඑන නිසා මේ බව දැක නැති බවත් එම ඇස්ථි කොටස් දෙසතියකට පමණ පෙර මියගිය අයකුගේ අස්ථි කොටස් බවට පොලිසිය සැක කරයි.
මෙම ඇටකටු දුම්රියෙන් වැටී මියගිය අයකුගේද නැතහොත් කිසියම් අපරාධයක් නිසා සිදුවූ මරණයක්ද යන වග අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පැවැත්වෙයි.
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුරාණ මීරිගම වෙල්යායකින් ඇටකටු මතු වෙයි