(අමල් වික්‍රමරත්න)
ගාල්ල ද ඉන්ටනැෂනල් පෞද්ගලික විදුහලේ දෙමාපියන් පිරිසක් අද සිය විදුහලේ විදුහපතිවරයා ඉවත්කිරීම සහ සිසුන්ගේ ආරක්ෂාවට ගොඩනැගිලි පිළිසකර කිරීම් ඇතුළු කිසිවකට ඉහළ පාලන අධිකාරිය අවධානය යොමු නොකිරීම නිසා ඊට විරෝධය පල කරමින් විදුහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුහ.
ඔවුන් පවසන්නේ තමනට රජයේ පාසලකට ඇතුළත්වීමට පහසුකම් ලබාදී නැති රජය තම මුදල් වියදම් කරමින් පුද්ගලික අධ්‍යාපන ආයතන වලට ඇතුළත් කලත් තම දරුවන් ඉගෙනුම ලබන පුද්ගලික අධ්‍යාපන ආයතන පිළිබඳව නියාමනය විධිමත් කළ යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන ඇමති මේවාට වගකියන්නැතුව ඇති
ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙකට විරුද්ධව ලෝකල් උද්ඝෝෂණ කරලා වැඩක් තියනවැයි? උද්ඝෝෂනයත් ඉන්ටනැෂනල් එකක් වුනානම් ඔන්න විසඳුමක් ලැබේවි .
මෙම සිදුවීම ඇති වුයේ විදුහල තුලය. දෙමව්පියන් පාසල තුලට බලෙන් කඩ වැදී කාර්යාල බලෙන් වසා කඩාකප්පල්කාරී කලහකාරී ලෙස හැසිරී තර්ජනයෙන් ළමුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් අත්සන් ලබාගෙන විදුහල්පති නැවත පාසලට ගත්තා. විදුහල්පතිගේ චර්යාවේ ගැටලුවේ ප්‍රතිපල ලැබෙනු ඇති බවට අපගේ තද විශ්වාසයි.