(සිරංගිකා ලොකුකරවිට, අමිල මධුශංක)
විදුලි බලය නොමැති වීමෙන් අද (15) ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කටයුතු අඩපණව ඇත. ප්‍රදේශයට විදුලිය සපයන විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) විසින් අලුත්වැඩියා කටයුත්තක් සඳහා විදුලිය කපාහැර ඇති අතර තැපැල් කාර්යාලයේ ජෙනරේටර් දෙකම ක්‍රියා විරහිතව ඇති බව සේවකයෝ පවසති.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් පත්‍ර යැවීමේ අවසාන දිනය වන බැවින් අද උදෑසන සිට ඒ සඳහා පැමිණි පෞද්ගලික අයදුම්කරුවන් බොහෝ දෙනකු අපහසුතාවයට පත් වූ බවත් ඔවුන්ට වෙනත් තැපැල් කාර්යාල වෙත යෑමට සිදුවූ බවත් පැවසේ.
විභාග සඳහා මුදල්ගෙවීම් කටයුතු පරිගනක ගත කර ඇති බැවින් කුවිතාන්සි නිකුත් කිරීමට නොහැකි වී ඇත. පසුගිය දින දෙකේ තැපැල් සේවකයන්ගේ වර්ජනයක් ද පැවතුණු බැවින් අද දින බොහෝ දෙනෙක් තැපැල් කාර්යාලය වෙත තම අවශ්‍යතා ඉටුකරගැනීම සදහා පැමිණෙනු දක්නට ලැබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලිය ඇණ හිටිමෙන් ගාලු තැපැල් කාර්යාලයේ වැඩ නවති