(ඉන්දික අරුණ කුමාර)
පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් හා මහජනතාව දැනුවත් කිරිමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය පාරිසරික පෝස්ටර් චිත‍්‍ර තරගයක් පවත්වයි. ඔක්තෝබර් මස දී පැවැත්වීමට නියමිත ජනාධිපති පරිසර උළෙලට සමගාමීව තරගාවලිය පැවැත්වීමට නියමිතය.පාසල් දරුවන් හා විවෘත වශයෙන් අංශ දෙකක් යටතේ තරගය පැවැත්වෙයි.
දිවයිනේ සියලූ පාසල් වලට මෙම තරගාවලියට සහභාගිවිය හැකි අතර බාහිර නිර්මාණකරුවන්ට විවෘත අංශය යටතේ සහභාගි විය හැකිය. පාසල් අංශයේ තරග 9 - 11 සහ 12 - 13 වශයෙන් පැවැත්වෙයි.විවෘත අංශය යටතේ දිවයිනේ ඕනෑම තරගකරුවෙකුට නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
පෝස්ටර් චිත‍්‍ර සඳහා දියසායම් හෝ පැස්ටල් මාධ්‍ය භාවිත කළ හැකිය. චිත‍්‍ර ඇඳිම සඳහා අඟල් 20 × 16 ප‍්‍රමාණයේ බ්‍රිස්ටල් බෝඩ් භාවිත කළ හැකිය. පළාත් හා ජාතික මට්ටමින් පළමු ,දෙවැනි හා තෙවැනි ස්ථාන තොරනු ලබයි.
තොරාගන්නා එම නිර්මාණ අතරින් ප‍්‍රශස්ත මට්ටමේ නිර්මාණ බණ්ඩාරනයක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී ප‍්‍රදර්ශනය කෙරේ. නිර්මාණ භාරගන්නා අවසන් දිනය මේ මස 30 වන දායින් අවසන් වෙයි.
නිර්මාණකරු පිළිබඳ සියලූ විස්තර නිර්මාණය පිටුපස සඳහන් කළ යුතුය. පාසල් නිර්මාණ පංතිභාර ගුරු මහත්මිය හෝ විදුහල්පතිවරයාගේ නිර්දේශ යටතේ ඉදිරිපත් කළ යුතුය.
නිර්මාණ බාහාලන ඇසුරුමේ වම්පස ‘‘ පාරිසරික පෝස්ටර් චිත‍්‍ර තරගය - 2017 ’’ යනුවෙන් සඳහන් කළ යුතුය. සියලූ නිර්මාණ මේ මස 30 වැනි දිනට පෙර පාරිසරික පෝස්ටර් චිත‍්‍ර තරගය - 2017, සභාපති , මධ්‍යම පරිසර අධිකාරිය, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල. ලිපිනයට තැපැල් මගින් හෝ ගෙනැවිත් බාරදිය හැකිය.
මේ පිළිබඳ වැඩිදුර විස්තර 011 - 2876642 දුරකථන අංකයෙන් හෝ web address වෙබි අඩවියෙන් ලබාගතහැකි බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරයි.
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාරිසරික සංරක්ෂණයට පෝසටර් චිත්‍ර තරගයක්
Pvsp koondeniya. Thursday, 20 February 2020 11:30 PM
විස්තර ලබාදෙන්න.