IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මධ්‍යම පළාතේ අනධය්‍යන සේවකයන්ගේ ගැටළු වලට විසඳුම් ඉල්ලයි

(මොහොමඩ් ආසික්)
 
මධ්‍යම පළාත් සභාව යටතේ පවතින පාසැල්වල සහ කලාප අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්තව සේවය කරන අනධ්‍යයන සේවකයින් මුහුණදෙන  ගැටළුවලට ඉතා ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය  මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතාගෙන් ඉල්ලා සිටියි.
 
මධ්‍යම  පළාතේ සේවයේ නියුක්ත අට වැනි ශ්‍රේණිය සමත් අනධ්‍යයන සේවකයින්ට උසස් වීම් අවස්ථාවන් හිමි කර දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, ජාතික පාසැල් සහ පළාත් පාසැල් අතර අනධ්‍යයන තනතුරු සම්බන්ධෙයන් පවතින විෂමතා ඉවත් කිරීම, මුරකරුවන් සදහා අවශ්‍ය   ටෝච් සහ වැහි කබා ඇතුළු උපකරණ ලබා දීම,  මුරකරුවන් නිවාඩු ලබා ගන්නා අවස්ථාවලදී සහන මුරකරුවන් යෙදවීම, දුෂ්කර ප්‍රදේශවල සේවයේ නියුක්ත සේවකයින්ට දුෂ්කර දීමනා ලබා දීම, විභාග රාජකාරි සදහා අනධ්‍යයන සේවකයින්ටත් අවස්ථාව ලබා දීම, පැය අට ඉක්මවා  සේවය කරන සේවකයින්ගේ සේවාව පැය අටක  සේවා කාලය ලබා ගැනීම, ජ්‍යෙෂ්ඨත්වය අනුව රාජකාරී පැවරීම, අලුතින් බඳවා ගත් සේවකයින් වෙනුවෙන් කාර්යක්ෂමතා කඩඉම් විභාගය පැවැත්වීමට කටයුතු කිරීම, විල්ගමුව කලාප කාර්යාලයේ පවතින විෂමතා ඉවත් කර දෙන ලෙස ඉල්ලීම, ඇතුළු කරුණු 14 ක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා සමඟ සාකච්ඡා කළ  බවත් එම ඉල්ලීම්  ඉටු වනු ඇති බව විශ්වාස කරන බවත් අධ්‍යාපන අනධයයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා තව දුරටත් කීය.
 



අදහස් (0)

මධ්‍යම පළාතේ අනධය්‍යන සේවකයන්ගේ ගැටළු වලට විසඳුම් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31366 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13589 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11015 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1005 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site