(සිරාජ් හසීම්)
කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ආයුධ සන්නද්ධව ඇතුළු වූ මැර කල්ලියක් විසින් නිවැසියන්ට පහරදී රන් පවුම් 40ක් සහ රුපියල් ලක්ෂ හතරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම කොල්ලයට සම්බන්ධ බව කියන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලයට උපයෝගී කරගත්තැයි කියන යතුරු පැදියක්ද පොලිසිය බාරයට ගෙන ඇත. සැකකරු අධිකරණය වෙත අද(12) ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd