IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රෝහලේ ශ්වසන ඒකකය අසල කසළ දහනයෙන් රෝගීන්ට පීඩා

(රවීන්ද්‍ර විරාජ්  අබයසිරි)

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසන රෝගී ඒකකය අසල රෝහලේ කසළ දහනය කිරීමෙන් එහි ප්‍රතිකාර ලබන රෝගීන්  හා රෝහල්  කාර්යමණ්ඩලය දැඩි ලෙස පිඩාවට පත්ව ඇතැයි රෝගීහු මෙන්ම කාර්ය මණ්ඩලය ද චෝදනා කරති..

ශ්වසන රෝග ඒකකයට මීටර් 50ක් පමණ දුරින් රෝහල් කසළ කළමනාකරණ ඒකකය පිහිටා ඇති අතර එහි කසළ දහනය කිරීම දින තුනකට වරක් සිදු කරනු ලබයි.

ඉවතලන ප්ලාස්ටික් බෝතල් හා ඉටි කොළ දහනයේදී ප්‍රදේශය පුරා විශාල දුර්ගන්දයක් හා දුමක් පැතිර යයි.

දහනය වන කුඩා කොටස් දුමත් සමග ශ්වසන රෝගී ඒකකය තුළට පැමිණීමෙන්  ශ්වසන රෝගීන් සුව වනවා වෙනුවට ඔවුන්ගේ රෝගී තත්ත්වය තවත් වැඩි වන බවට ඔවූහූ චෝදනා කරති.

“ශ්වසන රෝගී ඒකකයක් ආසන්නයේ කසළ දහනය කිරීම අනුමත කරන්නේ නෑ.නමුත් මෙය වසර ගණනාවකට පෙර ඉදිකරලා තියෙන්නේ.මේ ගැටළුව පිළිබදව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කරලා තියෙනවා.මේ ගැටළුවට විසදුමක් ලෙස වෙනත් ස්ථානයක නවීන තාක්ෂණයෙන් යුතු කසල ධාවකයක් පිහිටුවීමට රුපියල් මිලියන 6.5ක මුදලක් වෙන් කරලා තියෙනවා.එය ඉදිකළ විට මෙම ගැටළුවට විසදුම් ලැබෙයි. “ යැයි මාතලේ දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක අනුර වික්‍රම මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.



අදහස් (0)

රෝහලේ ශ්වසන ඒකකය අසල කසළ දහනයෙන් රෝගීන්ට පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 687 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site