තලෙයිමන්නාරම සමූහ මිනීවළක් පිළිබඳ සැකයක් තලෙයිමන්නාරම කර්මාන්ත පුරය ආසන්නයේ ස්ථානයක ඇටසැකිලි තොගයක් වළදමා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අදාල ස්ථානයේ කැනීම් කටයුතු සිදුකළ බව පොලිසිය පවසයි. 06 July 2017
ධීවර යාත්‍රාවක් නැවක ගැටී දෙදෙනෙක් අතුරුදන් හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධිවර යාත්‍රා දෙකක් හම්බන්තොට මුහුදු තීරයේ දී නැවක ගැටී සිදු වු අනතුරකින් බෝට්ටු දෙකක් විනාශයට පත් වී ධිවර කාර්මිකයින් දෙදෙනෙක් අතුරුදන්ව තවත් ධිවර කාරිමිකයින් පස් දෙනෙක් දිවි බේරාගෙන ඇති බව හම්බන්තොට පොලිසිය කියයි. 05 July 2017
ඉඩම් ආරවුලකින් අයෙක් මරුට දෙල්තොට ගබඩාගම නොබෙදු ඉඩම් ආරාවුලක් සම්බන්ධයෙන් ඇතිවූ පවුල් ආරාවුලක දී ඥාති පුතා විසින් එල්ල කල පිහි පහරින් ලොකු අප්පච්චි මිය ගිය බව පොලිසිය පවසයි. 05 July 2017
‘කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ කුඹුරු අක්කර 80ක් විනාශයි‘ මැදිරිගිරිය කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ විජයපුර ප්‍රදේශයේ ගොවිබ්ම් සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නියමිත කලට ජලය නිකුත් නොකිරීම හේතුවෙන් කුඹුරු අක්කර 80කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට විනාශවී ඇති බවට ගොවීහු චෝදනා කරති. 03 July 2017
කොස්තාපල්ට කඩුවෙන් කෙටුවැයි සෙබළෙකු අල්ලයි යුද හමුදා සෙබළෙකුගේ රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගැනීම නිසා උරණවී, රාත්‍රී මුර සංචාරයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදු කළ බව කියන යුද හඑමුදා සෙබළකු ඇතුළු සිව් දෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 03 July 2017
මාල කැඩු කාන්තාවන් 3 ක් අත්අඩංගුවට මුන්දලම අගුණවිල කුඩා මඩු දේවස්ථානයේ මංගල්‍යය දින අතරතුර දී කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කැඩිමේ නිරතව සිටි කාන්තාවන් තිදෙනෙකු සොරකම් කළ රන් මාලයක් සමඟ අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය පවසයි. 03 July 2017
මත්කුඩු බොමින් පැවැත් වූ සාදයක් වටලයි මත්කුඩු සහ පෙති ද භාවිතාකරමින් බදුල්ලේ බෝගහමඩිත්තේ සංචාරක හෝටලයක සාදයක් පවත්වමින් සිරි 29 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා කියයි. 02 July 2017
දුම්රිය හරස් ගේට්ටුවක් ඉල්ලා දුම්රියක් නවත්වති කොස්ගොඩ දුවේ මෝදර මංසන්දියේ දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් ලබා දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (02) දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක් කළහ. 02 July 2017
උතුරේ මතට තිත තියන්න එක්වන්න‘යි ආයාචනා උතුරු පළාතේ මත් ද්‍රව්‍ය උවදුර මැඩ පැවත්වීමට උතුරේ ජනතාවම පෙළ ගැසිය යුතු බව පවසමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චිය නගරයේදී අද (02) පැවැත්විණි. 02 July 2017
මාගාල්ල පොම්පාගාරයේ වැඩ නවතී ගාල්ල නගරයේ වැසි ජලය ඉක්මණින් බැසයාමට ඉදිකරන ලද මාගාල්ල පොම්පාගාරය අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ. එම ස්ථානයේ කසළ පිරී අපවිත්‍ර වී ඇත. 02 July 2017
සෝමාවතී රක්ෂිතයේ මුවන් මැරූ අයෙක් අත්අඩංගුවට වැලින්ද සෝමාවති රක්ෂිතයේ මුවන් පස්දෙනකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි. තවත් සැකකරුවන් සිව් දෙනකු පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 02 July 2017
නීති විරෝධීව මසුන් ඇල්ලූ ධීවරයෝ 10ක් අත්අඩංගුවට පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ඉරනතිව් දූපතට දකුණින් වූ මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි බෝට්ටු 2 ක් අත්අඩංගුවට ගත් බව නිවික හමුදාව පවසයි. 01 July 2017
ධර්මදූත විද්‍යාලයේ 35කට බීම විෂ වෙයි බීම වර්ගයක් විෂ වීම නිසා බදුල්ල ධර්මදූත විද්‍යාලයේ හය ශ්‍රේණියේ සිසුන් 10 දෙනකු රෝහල් ගත කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 30 June 2017
තුම්බිකුළම වැනසූ තුනක් අත්අඩංගුවට හබරණ පළුගස්වැව තුම්බිකුළම රක්ෂිතයේ දැව ඉරමින් සිටි බව කියන පුද්ගලයින් තිදෙනකු අද(30) අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය පවසයි. 30 June 2017
වේවැල්හින්නේ වැන් රියක් පෙරෙලී 19 ක් තුවාලයි බදුල්ල වේවැල්හින්න මාර්ගයේ රිල්පොල වැලිවත්තේගම පාරේ ගෙදර ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධි 200ක පමණ ප්‍රපාතයකින් පහල එලවළු වගාවකට පෙරලියාමෙන් 19 දෙනෙකු තුවාල ලබා රෝමල් ගත කළ බව හාලි ඇල පොලිසිය කියයි. 30 June 2017
ගුරුවරියට බැන්න සැකකරු අත්අඩංගුවට නවගත්තේගම තම්මැන්නාවැටිය ප්‍රදේශයේ විද්‍යාලයක ප්‍රාථමික අංශයේ ගුරුවරියකට රාජකාරි අවස්ථාවේදී බැන වැදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අද(30) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 30 June 2017
ලොරියක් දෙදෙනකු සමග ප්‍රපාතයකට ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරියක් අද(30) පෙරවරු 7 ට පමණ රාවණාඇල්ලට නුදුරින් අඩි 900 ක් පමණ ප්රපාතයතට පෙරළී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි . 30 June 2017
ගෙවල් බිඳීම පුරුද්දක් කරගත් සොරා යළිත් අත්අඩංගුවට නිවෙස් බිඳුම් රැසක් සම්බන්ධයෙන් වසර 16 ක් සිරදඬුවම් විද වසරකට පෙර නිදහස් වී පැමිණි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු අද (29) මිරිහාන පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිය. 29 June 2017
වල් අලි ප්‍රශ්නයට සෙට්ටිකුලම් වැසියෝ විසඳුම් ඉල්ලති වව්නියාව සෙට්ටිකුලම් හා අවට ගම්මානයන් වෙතට දිනපතා වල් අලින් ගම් වැදීම නිසා මේ වන විට වල් අලි ප්රහාරයන්ගෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් බෝග විශාල ප්‍රමාණයක් විනාශ කර ඇති බවත් මෙයට විසඳුමක් ඉල්ලා අද (28) සෙට්ටිකුලම් හා අවට ගම්මාන කිහිපයක වැසියන් උද්ඝෝෂණයක නිරත වූහ. 28 June 2017
සබරගමුවේ ඩෙංගු මඩින්න මහ ඇමැති තදින් සබරගමු පළාතේ සියලූම රාජ්‍ය හා පෞද්ගලික ස්ථාන පරීක්ෂාවට ලක්කර ඩෙංගු මදුරු කීටයන් සිටියහොත් ඒ ස්ථානවල ප්‍රධානීන් හෝ හිමිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. 28 June 2017
‘වාරිමාර්ග පනත අනුව රත්නපුර අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුයි‘ - ගාමිණී ජයවික්‍රම ගංඟා ඉවුරු ආශ්රිත ස්වභාවික පිහිටීමට හානිකරවූ ආපදා තත්වයන්ට බලපෑම් සිදුකරන්නාවූ අනවසර ඉඳිකිරීම් වාරිමාර්ග පනත අනුව ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තු විධායක ඉංජිනේරු ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ වගකිවයුතු නිලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතු බව වනජීවී සංරක්ෂණ අමාත්‍ය ගාමීණී ජයවික්‍රම පෙරේරා මහතා රත්නපුරදී පැවසුවේය. 26 June 2017
මුදල් ඔට්ටුවට බුරු ගැසු 10 ක් අත්අඩංගුවට ගලෙන්බිදුණුවැව මොරගොඩ පොලිස් වසමේ මහදිවුල්වැව ප්‍රජා ශාලාව පසුපස කැලැයේ මුදල් ඔට්ටුවට බුරුවා ගැසු පුද්ගලයන් දස දෙනෙකු සහ රුපියල් විසිහතර දහසක මුදලක් අත් අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය කියයි. 26 June 2017
ඔරුතොට මංතීරුව කළුවර වෙයි ගම්පහ ඔරුතොට ඇවිදීමේ මංතීරුවෙහි සවිකොට තිබු විදුලි ලාම්පු කලෙක පටන් අක්‍රීයව පැවතීම හේතුවෙන් මංතීරුව සවස හතෙන් පසුව අදුරේ පැවතීම නිසා භාවිතා කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ශරීර සුවතාවය සඳහා මෙහි පැමිණෙන්නෝ පවසති. 26 June 2017
දෙපිරිසක් ගැටි මරණ එකයි තුවල එකයි හම්බන්තොට සිප්පිකුලම පාසල් මාවතේදී සිදුවූ ආරවුලකින් පසු කපාකොට දැමූ පුද්ගලයකුගේ සිරුරක් ත්‍රීරොද රථයක් තුළ තිබී හමුවූ බව පොලිසිය කියයි. 25 June 2017
මැණික්පාළම වැව විනාශ වී යෑමේ අවදානමක ආගරපතන, බෝපත්තලාව සත්ත්ව ගොවිපළ භූමියේ පිහිටි මැණික්පාළම වැව රොන්මඩ හා ජලඡ පැලෑටි වලින් පිරී විනාශ වී යෑමේ අවදානමට ලක්ව ඇතැයි සත්ත්ව ගොවිපළ වැසියන් පවසති. 25 June 2017
පුත්තලමේ නියඟය දරුණු වෙයි පුත්තලම දිස්ත්‍රික්කය පුරා දැනට පවතින නියං තත්වය ඉදිරියටත් පැවතුන හොත් පුත්තලම දිස්ත්‍රික්කයේ ජල මුලාශ සිදි යාමේ අවධානමක් පවතින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එම්.එන් චිත්‍රානන්ද මහතා කියයි. 25 June 2017
ගල්ලවත්තේ සිමෙන්ති කම්හල එපා අවට ගම්වාසීහු පාරට බසිති ජාඇළ ඒකල ගල්ලවත්තේ ඉදිකරන සිමෙන්ති කම්හලට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (24) ඒකල පොළ හන්දියේදී උද්ඝෝෂණයක් කළහ. 24 June 2017
යතුරුපැදි අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට එරාවුර් කලුවන්කේනි දේවපුරම්හිදී සහ මීගහතැන්න පැලවත්තේ දී සිදුවූ යතුරු පැදි අනතුරු දෙකකින් තරුණයන් දෙදෙනකු මියගොස් තවත් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල කියයි. 24 June 2017
තරිඳුට තාවකාලිකව ගෙයක් මව්පිය සෙනහස අහිමිව මිත්තණියගේ ආරක්ෂාව යටතේ හැදීවැඩෙන හුංගම බටඅත තරිඳු ට නිවසක් ඉල්ලා ලංකාදීප පුවත් පත මගින් ඉකුත් 17 වැනි දා පළවූ ‘අනුවේදනීය කතාව‘ට ප්‍රතිචාර ලැබී තරිඳුට හා මිත්තණියට කුලි පදනම යටතේ තාවකාලික ලෙස නව නිවසක් ලැබී තිබේ. 22 June 2017
ඌව කෘෂි අධ්‍යක්ෂකට එරෙහි උද්ඝෝෂණයක් ඌව පළාත් කෘෂිකර්ම අධ්යක්ෂවරයා වහා ඉවත් කරන්නැයි ඉල්ලමින් ඌව පළාත් කෘෂිකර්ම උපදේශකවරු අද(22) දහවල් ඌව පළාත් සභාව ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කළහ. 22 June 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025