(පාලිත ආරියවංශ)
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරියක් අද(30) පෙරවරු 7 ට පමණ රාවණාඇල්ලට නුදුරින් අඩි 900 ක් පමණ ප්‍රපාතයතට පෙරළී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .
මෙම වාහනයේ දෙදෙනෙක් ගමන්කර ඇති අතර එක් පුද්ගලයෙක් ඉතා අසීරුවෙන් ප්‍රපාතයෙන් ගොඩට පැමිණ ඇතත් මහා ප්‍රපාතයේ හිරිවී සිටි අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි බුත්තල මාලිගාවිල විශේෂ කාර්ය බලකා නිලධාරින් පිරිසක් හා ඇල්ල පොලිසියේ නිලධාරින් විසින් බේරාගනු ලැබ තිබේ.
දෙදෙනාම බරපතල තුවල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd