IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තලෙයිමන්නාරම සමූහ මිනීවළක් පිළිබඳ සැකයක්

(රොමේෂ් මධුෂංඛ)

තලෙයිමන්නාරම කර්මාන්ත පුරය ආසන්නයේ ස්ථානයක ඇටසැකිලි තොගයක් වළදමා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අදාල ස්ථානයේ කැනීම් කටයුතු සිදුකළ බව පොලිසිය පවසයි.
බදාදා (05) දිනය පුරා සිදු කළ කැනීම් අතරතුරදී එක් මිනිස් හිස්කබලක බවට සැකකෙරෙන කොටස් හමු වූ බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.
මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝගයන් පරිදි කැනීම් කටයුතු සිදු කරනු ලැබූ අතර අදාල කර්මාන්ත පුරය ආසන්නයේ පිහිටි ජල නලයක් ආසන්නයේ මෙම කැනීම් කටයුතු සිදු  විය.
මන්නාරම් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයන් පරිදි කැනීම් කටයුතු ඊයේ දින සවස නවතා දැමුණු අතර නැවත මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයන් පරිදි ඉදිරියේදී නැවත් කැනීම් සිදු කිරීමටද මන්නාරම් පොලීසිය පියවර ගෙන ඇත.
මීට පෙරද මන්නාරම් තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී සිදු කළ සමූහ මිනී වළකින් මිනිස් ඇටසැකිලි 81 ක් වළදමා තිබියදී සොයා ගැනිණි.



 



අදහස් (0)

තලෙයිමන්නාරම සමූහ මිනීවළක් පිළිබඳ සැකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 693 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2361 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site