ජාඇළ ඒකල ගල්ලවත්තේ ඉදිකරන සිමෙන්ති කම්හලට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (24) ඒකල පොළ හන්දියේදී උද්ඝෝෂණයක් කළහ. ජාඇළ, ඒකල, තුඩැල්ල, සීදූව, රද්දොළුව, කොටුගොඩ ආදී ප්‍රදේශවල විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ. පරිසර සංවිධාන රැසක ද සහය මීට ලැබිණි. මෙම කම්හල හේතුවෙන් සිමෙන්ති දූවිලි වායුගෝලයට එක්වීමෙන් පිළිකා, ඇතුළු බෝවන රෝග රැසක් ඇතිවීමේ අවධානමක් ඇතැයි ද ගහකොළ, ජලය සහ පරිසරයට ද අහිතකර බව ද උද්ඝෝෂකයෝ පැවැසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් එකට මේ ව්‍යාපෘතියෙන් කොමිස් ලබන දේශපාලකයෙක් පිටිපස්සෙන් ඇති!! චන්ද්‍ර