(තිලකරත්න දිසානායක)
ගම්පහ ඔරුතොට ඇවිදීමේ මංතීරුවෙහි සවිකොට තිබු විදුලි ලාම්පු කලෙක පටන් අක්‍රීයව පැවතීම හේතුවෙන් මංතීරුව සවස හතෙන් පසුව අදුරේ පැවතීම නිසා භාවිතා කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ශරීර සුවතාවය සඳහා මෙහි පැමිණෙන්නෝ පවසති.
මෙයට වසර හයකට පෙර 2011 වසරේදී මෙම ශරීර සුවතා මංතීරුව සකසන ලද මෙහි සුර්ය කෝශ යොදා විදුලි ලාම්පු සවිකොට තිබු අතර පසු කලෙක ඒවායෙහි බැටරි සොරා ගෙන යාම මත මංතීරුව මෙසේ අදුරේ පැවතීමට හේතු වී ඇත.
පසුගිය රජය සමයේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් මෙය සකස් කළද මේ වන විට මෙම මංතීරුව භාර ආයතනයක් නොමැති තත්වයකට පත්ව තිබීම මත නිසි නඩත්තුවක් පවා නොමැති අතර මෙය භාවිතා කරන්නන් විසින් " එකෝ ෆ්‍රෙන්ඩ්ලි ක්‍රීඩා සමාජය " නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් නඩත්තු කටයුතු කරගෙන යන තත්ත්වයකට පත්ව ඇත.
මෙම සංවිධානයේ සභාපති ලෙස සුජීව දීප්ත මහතා කටයුතු කරන අතර හෙතෙම පවසා සිටින්නේ මෙහි විදුලිය සදහා සුර්ය කෝශ යෙදීමේ ඵලක් නොවන බැවින් විදුලි සැපයුමක් මගින් විදුලි ලාම්පු යෙදිය යුතු බවය. මංතීරුව සදහා විදුලි සැපයුම රජයෙන් ලබා දෙන්නේ නම් මාසිකව විදුලි බිල තම ක්‍රීඩා සමාජයට ගෙවීමට හැකි බව සුජීව මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු රජය පත් කරලා විදින දුකක්..අපරාදේ මගේ ඡන්දෙ...
මෙය ඉතාම කාලෝචිත දෙයක් ! ගම්පහට මෙය ඉතා වැදගත් ! ගිය ආණ්ඩුවෙන් හැදුව පලියට නඩත්තු නොකරන එක අපරාදයක් ! මෙහි හවස් කාලයේ සර්පයින් සිටිය හැක. ආලෝකය අත්‍යවශයි
පුදුම රටක්. වැඩ පටන් ගන්නවා විතරයි නඩත්තුවක් නැහැ. කෝටි ගණන් වියදම් කරලා වැඩ පටන්ගන්නවා. මාස හයක් යද්දී ඉවරයි ඔක්කොම.