(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ විජයපුර ප‍්‍රදේශයේ ගොවිබ්ම් සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නියමිත කලට ජලය නිකුත් නොකිරීම හේතුවෙන් කුඹුරු අක්කර 80කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට විනාශවී ඇති බවට ගොවීහු චෝදනා කරති.
කවුඩුලුවැව ජලාශයේ පහත් මට්ටම් සොරොව්වෙන් පෝෂණය වන මෙම කෙත් යාය ජලය නොමැතිකමින් විනාශවී යාම විමතියට කරුණක් බව ඔවුහු කියා සිටියහ.
විජයපුර ප‍්‍රදේශයේ ගොවි ජනතාව පත්ව ඇති මෙම ජල ගැටලුව සම්බන්ධව විමසීම සඳහා කවුඩුලුවැව ප‍්‍රධාන වාරි ඉන්ජිනේරු අසේල උදයංග මහතා සම්බන්ධ කරගත් අවස්ථාවේ ඔහු කියා සිටියේ මේ වන විට කවුඩුලුවැවෙහි පවතිවන ජල ධාරිතාවෙහි අවදානම හේතුවෙන් ගොවි සංවිධානත් සමග තමන් නිතර රැස් වී තිබෙන ගැටලු ගැන සාකච්ඡා කරන බවයි.
‘පසුගිය 6 වන දිනත් ජල ගැටලු ගැන අපි ගොවින් සමග සාකච්චාවක් පැවැත්වුවා’ මේ කියන ගොවි සංවිධානවලින් එදිනපැවති සාකච්චාවට නොපැමිණ පසුව පෞද්ගලිකව පැමිණ ජලය ලබා දෙනලෙසටඉල්ලීමක් කළා. මට තනි තීරණය මත ජලය නිකුත් කරන්න බෑ. ජලය නිකුත් කිරීමට නියමිතව තිබුනේ 12 වන දිනටයි. එහෙත් ගොවීන්ගේ දැඩි ඉල්ලීම මත පසුගිය 10 වන දින ජලය නිකුත් කිරීමට මම කටයුතු කළා‘ යැයි ද ඔහු කීය.
2025 නොවැම්බර් මස 04
693
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2361
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ කුඹුරු අක්කර 80ක් විනාශයි‘