(ජයරත්න වික්‍රමාරච්චි)
නවගත්තේගම තම්මැන්නාවැටිය ප්‍රදේශයේ විද්‍යාලයක ප්‍රාථමික අංශයේ ගුරුවරියකට රාජකාරි අවස්ථාවේදී බැන වැදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අද(30) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
ඉකුත් 29 දා සවස මෙම ගුරුවරිය විසින් ශිෂ්‍යත්ව විභාගයට අදාළව එම විදුහලේ අමතර පංතියක් පවත්වමින් සිටින අතරතුර සැකකරු එම ස්ථානයට කඩා වැදී ගුරුවරියට බැන වැදී ඇති බවට අදාළ ගුරුවරිය විසින් පැමිණිල්ලක් කර ඇතැයිද පොලීසිය පවසයි.
මූලික පොලිස් විමර්ශනවලට අනුව සැකකරුද අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ දරුවෙකුද මෙම ගුරුවරියගේ පංතියේ ඉගෙනුම ලබයි.
සිද්ධිය වූ දා සවස පැවැති අමතර පංතියට සැකකරුගේ දරුවාද සහභාගි වී ඇත. මෙම අවස්ථාවේදී තම දරුවා නිවසට පැමිණීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් සැකකරු එම ස්ථානයට කඩා වැදී අදාළ ගුරුවරියට බැන වැදී ඇති බවට අනාවරණය වී බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සිද්ධි ගැන මැදහත් සිතින් කල්පනා කලයුතුයි. මමත් පහේ ශිෂ්‍යත්වයත්(1971), පහේ රාජකීය කනිෂ්ඨ ඇතුලත්වීමේ ශිෂ්‍යත්වයත්, හතේ ශිෂ්‍යත්වයත් සමත් වුණා. නමුත් පසුකාලීනව සාමාන්‍ය පෙළ, උසස් පෙළ කාලයේ මිසක් කවදාවත් ප්‍රාථමික කාලයේ කිසිම පෞද්ගලික හෝ පාසලේ විශේෂ පන්තියකට සහභාගී වී නැහැ. ඉස්කෝලේ ගිහින් ගෙදර ආපුවාම බත් කාලා කොහේ හරි සෙල්ලම් කරන්න ගියහම ආපසු එන්නේ ඉවසන්න බැරිතරම් බඩගිනි වුනහම මිසක් පාඩම් කරන්න තියන හින්දා නොවෙයි. අද කාලේ ළමයින්ට ළමා කාලයක් නැහැ . ඒක නැති කරන්නේ දෙමව්පියන් සහ ගුරුවරුන් බව මගේ හැගීමයි . .