(අජිත්ලාල් ශාන්තඋදය)
සිංහරාජ වනාන්තරයට ආවේනික අලි තිදෙනාගෙන් එකකු ඊයේ (16) සවස කළ පහරදීම් දෙකක දි කාන්තාවක් සහ පිරිමියකු මියගොස් ඇතැයි රක්වාන පොලීසිය කියයි.
47 වියැති පුද්ගලයකු සහ 38 හැවිරිදි කතක එම ප්‍රහාරවලින් මියගොස් තිබේ.
ඔවුන් අලියාගේ පහර කෑම ලක්ව අත්තේ එදින සවස 6 සහ 6.30 අතර කාලයේ බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව උපකාරක පන්තියකට ගිය සිය දරුවාසමග ආපසු එද්දී අලියාගේ ප‍්‍රහාරයට ලක්ව ඇත. මීට දින කිහිපයකට පෙර එම අලියාගේ ප‍්‍රහාරය ලක්වූ වනජීවී දෙපාර්තමේන්තුවේ වාහනයක් ද කුඩුපට්ටම් වී තිබිණි.
සිංහරාජ වනාන්තරයේ සිටින්නේ අලි තිදෙනෙකු පමණක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසන අතර ඔවුන් මේ වනවිට සිංහරාජ වනාන්තරයට මායිම් වූ විවිධ ප‍්‍රදේශ වලින් ගම්වැදීමට පටන් ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අලි ප්‍රහාරය පටන්ගත්තේ යහපාලන රජය බලයට පත්වූ දා සිට