( රංජිත් රාජපක්‍ෂ )
ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කදුරට සංචාරය වෙනුවෙන් ඉන්දිය ගුවන් හමුදාවට අයත් එමි. අයි 17 හෙලිකොප්ටර් යානා දෙකක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය අවට අද (09) දිනයේ කළ පුහුණුවීම්වලදි ක්‍රීඩාංගණය අසල සමනළගම ප‍්‍රදේශයේ නිවාස පහක සෙවිලි තහඩුවලට අලාභහානි වී ඇතැයි එම නිවැසියන් හැටන් පොලිසියට පැමිණීළි කර තිබේ.
වහල මතට වැලි කොට්ට තබන ලෙසට නිවෙස් හිමියන්ට උපදෙස් දෙන ලෙස එම හෙලිකොප්ටර් යානා වල ගුවන් නියමුවන් පොලිසියට පැවසු බව හැටන් පොලිසියේ නිළධාරියෙක් පැවසීය. මෙවැනි පෙර හුරුවක් ඉදිරි දින දෙක තුලදි ද සිදු කිරිමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු ව්‍යාප්තවාදයේ බලල් අන්ඩක් වාගෙයි දැන් මේ රටේ සිදුවෙන වැඩ කටයුතු.
මන් මේ දන්නා අපේ බුද්ධිමත් අයගෙන් අහන්නේ දැන් අපේ ජනදිපතිවරයෙක් ඉන්දියාවට යනකොට අපේ ගුවන් හෝ නාවික හමුදාවන් එම පළාත්වල මේ විදිහට පරීක්ෂණ පෙරහුරු පවත්වලද යන්නේ නැත්නම් අපේ රටේ ඉන්න නායකයන්ගේ තියන ගැතිබාවයද? මේ මෛත්‍රිපාල ජනපතිතුමා ඉන්දියාවට ගිය වෙලේ කොටි හිතවාදීන් එතුමාගේ උත්සව භුමිය වටේ කෑගසමින් එතුමාට කරදර කලා රියදුරු සොයාගැනීමට පමාවීමෙන් ඉන්දියාවේ ආරක්ෂක අංශ දැඩි වෙහෙසකින් එතුමාව ආරක්ෂා කලා. අද ලංකාවේ මොදිට විරුද්ද කිසිවෙක් නැ එසේනම් මෙවන් දෑ සිදුවන්නේ නායකයන්ගේ කොන්ද පන නැති නිසාද? නැත්නම් අපේ නායකයෝ රටේ ආරක්ෂක අංශ හැල්ලුවට ලක් කරලද? එහෙමත් නැත්නම් ලංකාව ඉන්දියෙවේ යටත් විජිතයකද? මේ විදිහට ගියොත් අපේ රටේ පාලකයනට ආරක්ෂාව සදහා ඉන්දීය හමුදා සහය ලබා ගන්න වෙනවා මොදිට මෙහෙමනම් ට්‍රම්ප් අවොත් අපේ හමුදාවන්වල සියලු දෙන මසකට දෙකකට නිවාඩු යවන්න වෙනවා ලැජ්ජයි අපට ශ්‍රීලාංකිකයෝ කියන්න වෙන රටක ඉඳන් දැන් බලපුවම යුද්දේ තිබුනම් හොදා
අනේ අපේ රටට ගිය කලක්..
ලංකාව දැන් ඉන්දියාවට විකුණලා ඉවරයි !! අපි ඉතින් කට වහගෙන ඉමු!!චන්ද්‍ර
මේක යකාගෙ වැඩක්නෙ. පයිලට්ලා කවුද අනුන්ගෙ ගෙවල වලට වැලි කොට්ට තියන්න කියන්න. කරන්න තියෙන්නෙ හෙලිකොප්ටර් පාත් කරන විට දේපල වලට හානි වෙන බව පෙනෙනවා නම් හෙලිකොප්ටර් පාත් නොකර ඉන්න එකයි.