මවට සෙත පතා අමුතු තාලේ පින්කමක්
විශ්රාමික පාඨශාලාචාර්යවරියකගේ සියවැනි ජන්ම දිනය නිමිත්තෙන් දරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඥාතීන් සංවිධාන කළ භික්ෂූන්වහන්සේ 120 නමකට පිණ්ඩපාත දාන පින්කමකට එම මවගේ පාසල් මිතුරකු වූ සියවසක් දිවි ගෙවූ මහා සංඝයා වහන්සේ නමක්ද සහභාගිවීමේ දුර්ලභ අවස්ථාවක් පස්යාල වෙදගම ගම්මානයේදී දැකගත හැකිවිය.