2014ට වඩා 2017 දී අපරාධ සියයට 35කින් අඩුවෙලා - අගමැති පොලිස් වාර්තා වලට අනුව 2014 වසරට සාපේක්ෂව 2017 වසරේදී රටේ අපරාධ 35%කින් අඩුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (03) පැවසීය. 03 September 2018
සහෝදරියගේ පුත්‍රයා ඝාතනය කළ මාමාට වසර 8ක සිර දඬුවමක් දොම්පේ තිත්තපත්තර වේලගම ප්‍රදේශයේදී සිය සොහොයුරියගේ 25 හැවිරිදි පුතාට පිහියකින් ඇන සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකාර මාමාට වසර 16 කට පසු බරපතල වැඩ සහිතව වසර 8ක සිර දඬුවමක් ගම්පහ මහධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (3) වැනිදා නියම කළේය. 03 September 2018
දරුවන්ට කුඩා කළ සිටම පරිසරය ගැන කියාදෙන්න යයි දිවයිනේ සියලූම පාසල් වල ඉගෙනුම ලබන දුවා දරුවන් හට පළමු පන්තියේ සිටම පරිසරය පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා අද(03) පැවැසීය. 03 September 2018
පොලිස් කාන්තාගේ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර මැද පිහියකින් ගෙලකපා සිරුරට ගිනි තබා ඝාතනය කර තිබූ කාන්තා පොලිස් කොස්තාපල් චන්දිමා ප්‍රියදර්ශනී චන්ද්‍රස්කර (22) මෙනෙවියගේ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර මැද හාලිඇල කැටවල පොදු සුසාන භූමියේදී අද (3) සිදු කෙරිණි. 03 September 2018
පෙරියාරු ගඟේ එරී මිය ගිය අලි 7 දෙනාගේ සිරුරු ගොඩගනී පොළොන්නරුව ඕනෑගම පුදුර් ප්‍රදේශයේ පෙරියාරු ගඟේ තුම්මෝදර කොටසේ වගුරු බිමක එරී මිය ගොස් සිටි අලීන් 7 දෙනාගේ මළ සිරුරු අද (3) වනජීවි නිලධාරින් විසින් ගොඩගනු ලැබීය. 03 September 2018
වල් අලි රංචුවක් බොඳ කළ රළපනාව දරුවන්ගේ සිහිනය වල් අලි රංචුවක් නවගත්තේගම රළපනාව විද්‍යාලයේ අත්පන්දු ක්‍රීඩාපිටිය ආවරණය කර තිබු දැල් වලට හානි කර ඇති බව දෙමාපියෝ පවසති. 03 September 2018
අගවිනිසුරු හදිසියේ අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයට පැමිණෙයි අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (03) පස්වරුවේ හදිසියේ අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයට පැමිණියේය. 03 September 2018
මිය ගිය අලි හත් දෙනාගේ සිද්ධිය ගැන පරීක්ෂණ ඇරැඹේ පොළොන්නරුව තුම්මෝදර ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වන අලි හත් දෙනෙකු මඩේ එරී මියෑමේ සිද්ධිය ගැන වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී. සූරියබණ්ඩාර මහතාගේ නියමයෙන් අද(03) විශේෂ විමර්ශනයක් ඇරඹිණි. 03 September 2018
විදෙස් දුම්වැටි සමඟ ගුවන් තොටුපොලේදී දෙන්නෙක් අත්අඩංගුවට විදේශීය නිෂ්පාධිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටාර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පැවසීය . 03 September 2018
අළුගොල්ල රක්ෂිතයේ ගින්නක් බදුල්ල නගරයට ආසන්නව ඇති අළුගොල්ල රක්ෂිත කන්දේ වෙඩිබෙහෙත් ගබඩාව අසල අද (3) ඇතිවු ගින්න නිවා දැමීමට හැකි වු බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක උදයකුමාර මහතා පැවසීය. 03 September 2018
ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සමඟ අයෙක් අල්ලයි ටී 56 උණ්ඩ දැමිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ පහක් සමඟ පුද්ගලයකු මතුගම යටදොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි. 03 September 2018
මුදල් ඔට්ටුවට බූරු ගැසු 8 ක් අත්අඩංගුවට මොරගහහේන ගෝනපොළ ප්‍රදේශයේ උදාගිර උයන නම් ස්ථානයේ පිහිටි නිවසක් තුළ මුදල් ඔට්ටුවට බූරුවා ගැසීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය කාන්තාවක් සහ පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි. 03 September 2018
යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුට හැටන් කොටගල ප්‍රධාන මාර්ගයේ භාතියපුර ප්‍රදේශයේදී යතුරු මාර්ගය හරහා ගමන් ගත් මගියෙකු යතුරු පැදික ගැටීමෙන් රෝහල ගත කිරිමෙන් පසු මිය ගොස් ඇති බව දිඹුල පොලිසිය කියයි. 03 September 2018
ගල් පාලමෙන් පෙරළෙයි නවගත්තේගම ගල්ගමුව මාර්ගයේ ගල්වංගුව පාලමට අද (3) කැබ් රථයක් පෙරළී ඇතත් එහි කිසිවකුටත් හානි සිදුව නැති බව නවගත්තේගම පොලිසිය පවසයි. 03 September 2018
‘කන්තලේ වැවේ වතුර අඩුවීමෙන් පානීය ජලය දීමේ අවදානමක්’ අක්කර අඩි 114,000 ක ජල ධාරිතාවයක රැඳවිය හැකි කන්තලේ වැවේ මේ වන විට ඇත්තේ අක්කර අඩි 10,875 ක ජල ධාරිතාවයක් වන බැවින් ඉදිරියේ දී පානීය ජලය ලබාදීමේ අවදානමක් පවතින බව කන්තලේ කොට්ඨාස වාරිමාර්ග ඉංජිනේරු ඩබ්.එන්.ලක්මාල් මහතා පැවසීය. 03 September 2018
පාසල් සිසුන්ට මත් පෙති අලෙවි කළ තරුණයෙක් අල්ලයි පාසල් සහ උපකාරක පන්ති යන සිසුන්ට මත්පෙති සහ මත්කුඩු අලෙවි කළ 27 හැවිරිදි තරුණයෙක් ඇඹිලිපිටිය නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ පිටුපස පිහිටි ඔහුගේ නිවසේ දී මත්පෙති 190ක් සහ මත්කුඩු තොගයක් ඇඹිලිපිටිය පොලිසියේ දිසා පරිසර ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 03 September 2018
පොලිස් අනුරූ සොරකම් කළ තරුණයන් දෙදෙනෙක් රිමාන්ඩ් පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය- වන්තිව් ප්‍රදේශයේ වේග මීටරය සහිත පොලිස් නිළධාරින්ගේ සමාන රුව සහිත අනුරුව ස්ථානයෙන් ගලවා ගෙන නිවසට රැගෙන ගිය තරුණයින් දෙදෙනකු ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා නියෝග කළේය. 03 September 2018
වැරැල්ලවත්තට වැලි ගබඩාවක් මනම්පිටියේ වැලි ගබඩා බෙදාහැරීම සඳහා යක්කල, වැරැල්ලවත්තේ වැලි ගබඩාවක් ආරම්භ කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කටයුතු කර ඇත. 03 September 2018
බදුල්ල කතරගම දේවාලය ඇසළ මංගල්‍යය 09 වැනිදායින් ඇරැඹේ දෙවන විමලධර්මසූරිය රජ දවස ඉදිකරන ලදැයි සැලකෙන බදුල්ල ඓතිහාසික කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය 09 වැනිදා කප්සිටුවිමෙන් ආරම්භ කරන බව බස්නායක නිළමේ රංජිත් උදයකුමාර දිසානායක මහතා පැවසීය. 03 September 2018
බාලවයස්කාර දැරිය අපහරණය කළ තරුණයා අත්අඩංගුවට දන්කොටුව පොලිස් බල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් මාපිය බාරයෙන් රවටා රැගෙන ගොස් අපහරණය කිරිම සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. 03 September 2018
ඕමන්තේ නිධන් හාරන්න ගිය කතක් ඇතුළු 6 ක් අත්අඩංගුවට වව්නියාව, ඕමන්ත, පනික්කෙයිනීරාවි ප්‍රදේශයේ නිධන් හෑරීමට ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව වව්නියාව ඕමන්ත පොලීසිය පවසයි. 03 September 2018
නිධන් හාරන්න ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට නිධානයක් හෑරිමට පැමිණ සිටි කට්ටඩියකු ඇතුළු සිව් දෙනෙකු පූජාවක් පැවැත්වීමට සුදනම් කර තිබූ මල් බුලත් කපුරු ආදී භාණ්ඩ සමඟ අහංගම නාකන්දේ නොන්ඩියවත්තේ දී අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි. 03 September 2018
පුත්තලමේ වෙඩි තැබීමකින් අයෙක් මරුට පුත්තලම - මංගලඑළිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් දෙදරු පියෙකු මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි. 03 September 2018
වාරියපොලින් අත්බෝම්බ තුනක් වාරියපොල කැලේගම ප්‍රදේශයේ කැලෑවක තිබී සජීවී අත්බෝම්බ තුනක් හමුවූ බව වාරියපොල පොලිසිය කියයි. අද (02) සවස දර කැඩීම සඳහා එම ප්‍රදේශයට ගිය ගම්වැසියෙකු මෙම බෝම්බ තුන රෙදිකඩක ඔතා ගසක් මුල තිබෙණු දැක ඒ පිළිබඳව පොලිසියට දන්වා තිබිණ. 02 September 2018
නියගයෙන් දිස්ත්‍රික්ක 11 කට දැඩි බලපෑම් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 11කට පමණ බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 1,66,000කට පමණ අයත් 5,60,000ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 02 September 2018
අලි හත් දෙනා මිය යෑම ගැන විධිමත් පරීක්ෂණයක් සෝමාවතී ජාතික වනෝද්‍යානයේ සිටි අලි හත් දෙනකු මඩේ එරී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් සිදු කරන බව වනජීවී හා තිරසාර සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 02 September 2018
තවත් අලි දෙදෙනෙක් මඩේ එරී මැරෙති ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පෙරියාරු ගගේ දිවුලාන විල්ලුව ආසන්නයේ දියේ ගිලීම හේතුවෙන් මරණයට පත්වූ තවත් වල් අලි දෙදෙනෙකුගේ මළ සිරුරු අද(02 ) සවස සොයා ගත් බව පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. 02 September 2018
ඉසෙඩ් ඩී ඇලේ ගිලී දරුවෙක් මරුට මාදුරුඔය ජලාශයේ සිට දිවෙන ප්‍රධාන වාරි ඇල වන ඉසෙඩ් ඩී ඇලට තම ආච්චි අම්මා සමඟ දිය නෑමට ගිය හත් හැවිරිදි පිරිමි දරුවෙකු අද (02) සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 02 September 2018
මිහින්තලේ පවුල් 8000 ක් ජල හිඟයෙන් පීඩාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධික නියඟය හේතුවෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවුල් 8000ක පුද්ගලයන් විසිපන්දහසකට අධික ප්‍රමාණයක් ජල හිඟයෙන් පීඩාවට පත්ව ඇතැයි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනෙවිරත්න මහතා අද (2) පැවසීය. 02 September 2018
නාවලපිටියේ පානීය ජල ප්රශ්නය විසදීමට ජල ව්‍යාපෘතියක් නාවලපිටිය ප්‍රදේශයේ පානීය ජල ප්රශ්නය විසදීමට ප්‍රජා ජල ව්‍යාපෘතියක් ඉදිකිරීමට සහ නාවලපිටිය රෝහලේ ජල ගැටළුව විසදීමටත් නගරය සදහා නවීන තාක්ෂණයෙන් යුත් බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය පියවර ගෙන ඇත. 02 September 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025