විනීතා එම් ගමගේ
මනම්පිටියේ වැලි ගබඩා බෙදාහැරීම සඳහා යක්කල, වැරැල්ලවත්තේ වැලි ගබඩාවක් ආරම්භ කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කටයුතු කර ඇත.
ඉකුත් 30 වැනි දා ආරම්භ කළ මෙම වැලි ගබඩාවෙන් මනම්පිටියේ වැලි බෙදාහැරීමට කටයුතු කරන අතර කියුබ් දෙකේ ලොරිවලට පමණක් වැලි නිකුත් කිරීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසීය.
ව්‍යාපරිකයන් විසින් මිලදී ගෙන වැඩි මිලට විකිණීම නැවැත්වීම සඳහා මෙසේ කියුබ් දෙක බැගින් නිකුත් කිරීමට පියවර ගත් බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා වැලි මිලදී ගන්නා රිසිට් පත එම වැලි ප‍්‍රවාහනය සඳහා බලපත‍්‍රය ලෙස යොදා ගත හැකි බව ද සඳහන් කළේය.
මේ වනවිට වෙළඳපොලේ වැලි කියුබ් එකක මිල රුපියල් 16500 ක් වන බවත් වැරැල්ලවත්ත වැලි ගබඩාවේ එම කියුබ් එකක් රුපියල් 13500 කට විකුණන බවත් මාන්නප්පෙරුම මහතා පැවැසීය.
මෙම වැලි ගබඩාවෙන් ගෘහස්ත මට්ටමෙන් වැලි බෑග් නිකුත් කිරීමට ද කටයුතු කර ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැලි සුළු ප‍්‍රමාණයක් අවශ්‍ය අවස්ථාවක මෙවැනි වැලි බෑගයක් මිලදී ගැනීමට අවස්ථාව පාරිභෝගිකයන් වෙත ලැබී ඇතැයි ද කියා සිටියේය.
මෙවැනි වැලි විකිණුම් මධ්‍යස්ථාන රට පුරා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එහි අරමුණ මිල පාලනය කර වැලි ජාවාරමක් බවට පත්වීම වැළැක්වීම බවත් මාන්නප්පෙරුම මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැරැල්ලවත්තට වැලි ගබඩාවක්
දිමුත් Monday, 03 September 2018 06:47 AM
වැලි බෑග් හොද සංකල්පයක්