(සුජිත් හේවාජූලිගේ)
පොළොන්නරුව තුම්මෝදර ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වන අලි හත් දෙනෙකු මඩේ එරී මියෑමේ සිද්ධිය ගැන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී. සූරියබණ්ඩාර මහතාගේ නියමයෙන් අද(03) විශේෂ විමර්ශනයක් ඇරඹිණි.
මේ සඳහා විශේෂ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් පොළොන්නරුවට ගොස් සිටිති.
විමර්ශනයේදී හෙළිවන කරුණු අධිකරණයට ද වාර්තා කිරීමට බලාපොරොත්තුවන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී. සූරියබණ්ඩාර මහතා පැවැසීය.
මඩේ එරුණු අලි පස් දෙනෙකුගේ සිරුරු ඉකුත් 1වැනිදා සොයා ගැනුණු අතර තවත් අලි දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණේ ඊයේ(02) දිනයේදීය.
අලි මඩේ එරී මිය ගොස් ඇත්තේ ආහාර සොයා රාත්‍රී කාලයේ ගම් වැදුණු වන අලින් හත්දෙනෙකු බව වනජීවී නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිය ගිය අලි හත් දෙනාගේ සිද්ධිය ගැන පරීක්ෂණ ඇරැඹේ