අ‘පුර නගර සභාවේ මූල්‍ය වංචා නඩුවේ ඇප ඉල්ලීම ඉවතට
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටින අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය ආදායම් පාලක ඇගේ සැමියා ඇගේ සහෝදරයා සහ ඇගේ මිතුරියක ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කළ ඉල්ලීමක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා අද (7) තරයේ ප්‍රතික්ෂේප කළේය.