IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උසාවි නියෝගයෙන් කුරුල්ලන් 300ක් කලාවැව වනෝද්‍යානයට

උපාලි ආනන්ද
 
දැල් සහ විවිධ උපකරණ  යොදා ගනිමින් අල්ලා ගත් කුරුල්ලන් 300 දෙනෙකු කලාවැව වනෝද්‍යානයට මුදා හරින ලෙස කැකිරාව මහේස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා වනජීවි නිලධාරීන්ට අද (6) නියෝග කළේය.
 
සත්ත්ව හිංසාව ඇති වන අයුරින් වර්ග රැසකට අයත් අලංකාර කුරුල්ලන්   අල්ලා ගත් සැකකරුවෙකු   එම කුරුල්ලන් 300 දෙනා ද සමඟ වනජීවි නිලධාරීන් විසින්  අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
 
කුරුල්ලන් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රුපියල් ලක්ෂයක  ශරීර ඇප මත මුදා හරින ලෙසද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට එරෙහිව  නඩු පවරන ලෙසද  නියෝග කළේය.
 
කැකිරාව සහ අවට   කුඹුරුවල වී ආහාරයට ගැනීමට පැමිණි මාල ගිරව්, බටු කුරුල්ලන් සහ වී කුරුල්ලන් ඇතුළු  ලස්සන කුරුල්ලන් උගුල් අටවා සහ තවත් වෙනත් උපක‍්‍රම භාවිතා කරමින් සැකකරු   අල්ලා ගෙන ඇති බවයි.
 
සත්ව හිංසාව ඇති වන ආකාරයෙන් සැකකරු  මෙම ජාවාරම කළක් තිස්සේ කර ගෙන ගොස් ඇති බවත් මෙලෙස අල්ලා ගන්නා කුරුල්ලන් කොළඔ ඇතු`ඵ  ප‍්‍රදේශ රැසකට අලෙවි කර ඇති බවත්  වනජීවී නිලධාරීහූ දැනුම් දුන්හ.



අදහස් (0)

උසාවි නියෝගයෙන් කුරුල්ලන් 300ක් කලාවැව වනෝද්‍යානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site