සිතුම් චතුරංග
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උතුරු පළාතේ රෝහල් රැසක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් අද (6) උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක නිරතවූහ.
වවුනියාව , මන්නාරම , යාපනය , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කයන් හි ප‍්‍රධාන රෝහල් රැසක හෙද ,හෙදියන් මෙලෙස වැඩවර්ජනයේ නිරතව සිටියහ.
පළාත් සභාවෙන් හා මධ්‍යම රජයෙන් තමන්ට ලැබිය යුතු වැටුප් වැඩිවීම් මෙතෙක් ලබාදී නොමැති බවට පවසමින් මෙලෙස වැඩවර්ජනයේ නිරතවිණි.
හෙද,හෙදියන් විසින් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටි අතර එම වැඩවර්ජනයට සහය දක්වමින් උතුරු පළාතේ අතුරු වෛද්‍ය සේවක නිලධාරීන් ද වැඩවර්ජනයේ නිරතව සිටිති.
මාස හයක කාලයක් උතුරු පළාතේ සේවය කළ හෙද නිලධාරීන්, හෙද නිලධාරිනියන් වෙත අතීකාල දීමනා ද ගෙවා නොමැති බැවින් මෙලෙස වැඩවර්ජනයේ නිරතවන බව හෙද නිලධාරීන් පවසයි.
2016 ජුනි මාසයේ සිට ඇතැම් හෙද පරිපුරක නිලධාරින් හා නිලධාරිනියන් වෙත අතීකාල දීමනා නොගෙවා ඇති බවද පැවසීය.
වැඩවර්ජනයේ නිරතවූ හෙද නිලධාරීන් පවසා සිටියේ රෝහල්වල අත්‍යවශ්‍ය සේවා හා හදිසි සේවා සඳහා හෙද නිලධාරීන් හා නිලධාරිනියන් කිහිපදෙනකු යොදවා සිටින බවත් සෙසු බහුතරය වැඩවර්ජනයේ නිරතව සිටින බවත්යි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ හෙද නිලධරයෝ වැඩ වරති