( ජේ.කේ.එල්.චාමින්ද)
ලෝක උරුම ගාල්ල කොටුව පෙඩරල් විදියේ ඉඩමක සිදුකරනු ලබන කැනිමකදි වසර 300 කට වඩා පැරැණි සොහොන් කොත් දෙකක පළක හමුවි ඇති බැව් ගාල්ල මාතර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්ති අලහකොන් මහත්මිය සදහන් කළාය.
මෙකි ඉඩමේ සංවර්ධන කටයුතු කිරිම සඳහා ඉල්ලිමක් සැලසුම් කමිටුවට ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව හානි ඇගයුම් වාර්තාවක් ලබාදිම සදහා ගාල්ල පුරාවිද්‍යා කාර්යාලය මගින් මෙහි කැනිම් කටයුතු ආරම්භ කර තිබේ.
එම කැනීමේදි සොහොන් කොත් දෙකක පලක දෙකක් දෙපසින් හමුවි ඇති අතර තවදුරටත් එහි කැනිම් කටයුතු සිදුකරන බවද පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරිය සදහන් කළාය.
තවමත් එහි පලක වල අකුරු කියවා ගත නොහැකි බවත් දෙපසින් පලක වල භාග හමුවි ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරිය පැවසුවාය.
මෙකි ස්ථානය ලන්දෙසීන් විසින් 1710 -1850 දක්වා කාලය තුළදි ඔවුන්ගේ ප්‍රභුන්ගේ මළ සිරුරු මෙහි තැන්පත් කිරිම සිදුකර ඇති බවට ලිඛිත සාධක තිබෙන බවද පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරිය සදහන් කළාය.
මෙකි ස්ථානය තුල 1865 වර්ෂයේ දි ගාල්ල මහ නගර සභාවේ පළමු ව්‍යාපෘතිය ලෙස වෙළද සංකිරණයක්ද ඉදිකොට තිබුණි.පසුගිය නගර සභා පාලන කාලය තුළදි නගර සභාව විසින් මෙම ස්ථානය බදු පදනම යටතේ ආයෝජකයෙකුට පවරා දි තිබුණි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාලුකොටුව ආසන්නයේ ඉඩමක වසර 300ක් පැරැණි සොහාන්කොත් දෙකක්