(නිශාන්ත කුමාර)
පොලිසිය පැමිණෙනු දැක අතේ තිබූ ගංජා කට්ටයක් කටේ දමාගෙන දිවගිය ගංජා ජාවාරමක නිරත තරුණයෙකු පසුපස පන්නා ගිය කන්දකැටිය පොලීසියේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයකින් පසු එම තරුණයාව අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය කියයි.
ගංජා මිලිග්‍රෑම් 2500ක් සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල කරදගහමඩ ගම්මානයේ පදිංචි 29 හැවිරදි තරුණයෙකි.
කරදගහමඩ ප්‍රදේශයේ කලක සිට කරගෙන යන ගංජා ජාවාරමක් පිළිබඳව කන්දකැටිය පොලිස් දූෂණ මර්දන අංශය වෙත ලද තොරතුරක් මත කන්දකැටිය පොලිසියේ නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd