IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අ‘පුර නගර සභාවේ මූල්‍ය වංචා නඩුවේ ඇප ඉල්ලීම ඉවතට

( උපාලි ආනන්ද)

අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට  අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටින  අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය ආදායම් පාලක ඇගේ සැමියා ඇගේ සහෝදරයා සහ ඇගේ මිතුරියක ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කළ ඉල්ලීමක්   අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා  අද (7) තරයේ ප‍්‍රතික්ෂේප  කළේය.

ඒ අනුව සැකකාරියන් දෙදෙනා සහ සැකකරුවන් දෙදෙනා තවදුරටත්  මේ  මස 21 වන දින දක්වා  රිමාන්ඩ් කිරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ  මූල්‍ය ප‍්‍රධාන සැකකාරිය වන අනුරාධපුර තිසාවැව  ගෙවල් 60 අංක 4 ලිපිනයේ පදිංචි අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය වන ඒ ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ සැමියා වන අනුරාධපුර මහ නගර සභාවේ  ආදායම් පාලක ඩී එම් ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ ඇගේ සහෝදරයෙකු වන අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අසංක ප‍්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාවේ සේවය කරන ඇගේ මිතුරියක වන  අනුරාධපුර අභයගිරිය පාර කුට්ටම්පොකුන  අංක 212/2 ලිපිනයේ උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන සැකකරුවන් සහ  සැකකාරියන් සිව් දෙනාය. 

පළමු සැකකාරිය වෙනුවෙන් නීතිඥ රෝහණ පේ‍්‍රමලාල් මහතා පෙනී සිටි අතර දෙවන  සහ තුන් වන සැකකරුවන්  වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය සිව් වන සැකකාරිය වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිටියේ නැත.

මෙම මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින එම මහ නගර සභාවේ  වැටුප් විෂය බාර නිලධාරිනි ඒ ඩබ් ශාලිකා එරන්දි නැමැත්තිය  විසින් නගර සභාවට අයත් මුදල් වලින් රුපියල් හැත්තෑ දෙලක්ෂයක් (7200000)  ඇගේ සැමියා වන නගර සභාවේ  ආදායම් පාලක සම්පත් අනුරාධ නැමැත්තාගේ නමින් ඇති බැංකු ගිණුම් කිහිපයකටත් තවත් රුපියල්  විසි ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය දෙකක (2074302) මුදලක් ඇගේ සහෝදරයෙකු වන අසංක ප‍්‍රසාද් අමරසිංහ  නැමැතතාගේ  නමින් ඇති බැංකු ගිණුමකටත්  බැර කර ඇති බව රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේය. 



අදහස් (0)

අ‘පුර නගර සභාවේ මූල්‍ය වංචා නඩුවේ ඇප ඉල්ලීම ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site