(පුත්තලම - ජුඩ් සමන්ත)
නාඳුනන මළ සිරුරක කොටස් කීපයක් හලාවත මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව හලාවත පොලීසිය කියයි.
(07) ඊයේ රාත්‍රියේ මළ සිරුර කොටස් වෙරළට ගොඩ ගසා ඇත.
මුහුදු වෙරළේ සිටි අයෙකු විසින් පොලීසියට කරන ලද දැණුම් දීමක් අනුව සිදු කරන ලද සොයා බැලීමකින් පසුව මළ සිරුරේ කොටස් හමුවී ඇත.
හමුවී ඇති මළ සිරුර දිය වී ඇති බවත්,හිස,කද සහ පාද වල කොටස් ඇති නමුත් අත් දෙක තිබී නැත.
මිය ගොස් ඇත්තේ කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර,හමුවී ඇති මළ සිරුරේ කොටස් හලාවත මහා රෝහලේ මෘත ශරීරාගාරය වෙත යැවීමට පොලීසිය කටයුතු කර ඇත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd