(අංජුල මහීක වීරරත්න)
ඒකාබද්ද විපක්ෂය කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන්ට කිසිදු හානියක් නොවන ලෙස ආරක්ෂක අංශ මෙහෙයවීම ගැන පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ ස්තූතියක් පළ කළහ.
එක්සත් ජාතික පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරු ඉහත විශේෂ ස්තූතිය පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ 72 වැනි සංවත්සරයෙන් පසුව අගමැතිවරයා හමුවීමෙන් අනතුරුවය.
කොළඹට ජනතාව කැඳවා ප්‍රකෝපකාරී සිදුවීම් ඇතිකොට ආරක්ෂක අංශ වෙතින් ප්‍රහාරයක් එල්ල කර ගැනීමට උත්සාහයක් තිබුණැයි එහිදී සඳහන් කළ පසුපෙළ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ නියමාකාරයෙන් හැසිරවීමට අගමැතිවරයා දුන් උපදෙස් අතිශයින් වැදගත් වුනැයිද කියා සිටියේ ය.
පරිනත දේශපාලඥයෙකුගේ ලක්ෂණ යළිත් පෙන්නුම් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය තමන්ට ද ආදර්ෂයක් යැයි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා එහිදී කීවේය. විශේෂයෙන්ම ජනාධිපති නිල නිවස හා කාර්යාල ආරක්ෂා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන තිබූ වැඩ පිළිවෙළ ද පසුපෙළ මන්ත්‍රීවරු අගය කළහ.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පසුපෙළ මන්ත්‍රීන්ගෙන් අගමැතිට තුති