IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බලපත්‍ර රහිත ගිනි අවි පතරොම් තබාගත් අයෙකු අත්අඩංගුවට

(පුත්තලම - ජුඩ් සමන්ත)
බලපත්‍ර රහිත ගිනි අවි 03 ක් සහ ජීව පතුරම් තොගයක්  සමග සැකකරුවෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පසුගිය 07 වැනිදා සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ මෙම ගිනි අවි සහ පතුරම් තොගය තිබී ඇත.අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 43 ක් වන අයෙකි.


සැකකරුගේ නිවසේ තිබී වායු පිස්තෝල 02 ක් සහ වායු රයිෆල් 01 ද,0.0509 වර්ගයේ ජීව උණ්ඩ 50 බැගින් ඇසුරුම් කරන ලද පෙට්ටි 73 ක්,මිලි මීටර් 2.2 වර්ගයේ උණ්ඩ 50 බැගින් අසුරන ලද ප්ලාස්ටික් පෙට්ටි 09 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.


මෙම ගිනි අවි සහ ජීව උණ්ඩ ළග තබා ගැනීම සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් සැකකරුගේ පියාට අවසර ලබා දී තිබී ඇත.නමුත් එම බලපත්‍රය 3003 ජනවාරි මස 27 වැනිදාට පසුව යාවාත්කාලින කර නැත.
 
මෙම ගිනි අවි වෙඩි තැබීම් පුහුණුවීම් සදහා යොදා ගන්නා ඒවා බවත්,තම පියා හිටපු යුධ හමුදා නිලධාරියෙකු වන බැවින් ඒවා ඔහු විසින් භාවිතා කළ බවද සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.හිටපු යුධ හමුදා නිලධාරියා 2003 වර්ෂයේදී මිය ගොස් ඇති බවද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.ගිනි අවි සහ සැකකරු සහ ගිනි අවි තොගය මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


වෙන්නප්පුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක පාලිත අමරතුංග මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 



අදහස් (0)

බලපත්‍ර රහිත ගිනි අවි පතරොම් තබාගත් අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site