(දයාරත්න ඇඹෝගම)
ඇලයාපත්තුව නිවසක් පිටුපස තබා තිබු ටී.56 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 24 ක් සොයා ගත් බව මහවිලච්චිය පොලිසිය කියයි.
මහවිලච්චිය ඔයාමඩුව ඇලයාපත්තුව නිවසක් පිටුපස ජීව උණ්ඩ සහිත උරයක් ඇති බවට එම නිවැසියන් ගෙන් ලද තොරතුරක් අනුව පොලිසිය විසින් මෙම ජිව උණ්ඩ සොයා ගෙන තිබුණි.
අයිති කරුවෙකු හඳුනා ගත නොහැකි මෙම ජිව උණ්ඩ තොගය පොලිසිය සිය භාරයට ගෙන තිබේ. කිසියම් පුද්ගල යෙකු විසින් මෙම ජිව උණ්ඩ නිවස පිටුපස තබා යන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd